2022 ජූලි 9: ශ්‍රී ලාංකික පුරවැසියන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු ගත වුණු වසර තුන තුළ සිදු වූයේ මොනවා ද?

පාලන තන්ත්‍රයකට එරෙහිව ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුවූ ජනතා නැගිටීම සිදුවී මේ වන විට වසර 3ක් ගත වී අවසන් ය.

ආණ්ඩු විරෝධී විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස බලයෙන් පහ කෙරුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසු ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් විය.

ඉන් පසුව පැවති ජනාධිපතිවරයෙන් සහ මහ මැතිවරණයෙන් රටේ පාලන බලය ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වාමවාදී නැඹුරුවක් සහිත ජාතික ජන බලවේගය අතට පත් විය.

මේ, ජනතා නැගීමේ කූඨප්‍රාප්තිය සිදුවූ 2022 වසරේ ජූලි 9 වන දා සිට ගත වුණු වසර තුන ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදු වූ සිදුවීම්වල පෙළ ගැස්මකි.