ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක් ද?
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය පෙබරවාරි මස 17 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජනවාරි 9 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
2025 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන ආචාර්ය අමාලි වෙදගෙදර කියා සිටියේ, මෙවර ඉදිරිපත් කර ඇති අයවැය IMF අයවැයක් බව ය.
කෙසේ වෙතත්, මෙවර විසර්ජන පනත් කෙටුම්පත විශ්ලේෂණය කිරීමේදී මෙය 'තිත්ත බෙහෙත්' අයවැයක් නොවන බව පෙනී යන්නේ යැයි ඇය ප්‍රකාශ කළා ය.