තාලිබානයෙන් ගැලවීම: එක්සත් ජනපදයට යෑමට දේශසීමා 9ක් තරණය කළ ඇෆ්ඝන්වරු
තාලිබානයෙන් ගැලවීම: එක්සත් ජනපදයට යෑමට දේශසීමා 9ක් තරණය කළ ඇෆ්ඝන්වරු
මීට දෙවසරකට පෙර තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ යළි බලයට පත්වූ විට, දසදහස් ගණනක් ඇෆ්ඝනිස්ථාන ජාතිකයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදය විසින් ඉවත්කර ගෙන යනු ලැබුණි.
නමුත්, තවත් බොහෝ දෙනෙකු එරට තුළ ඉතිරිවූ අතර, ඔවුන් එක්සත් ජනපදයට යෑමට ඔවුන්ගේම මාර්ගයක් සොයාගැනීම සඳහා වඩාත් අවදානම් ගමනක යෙදෙමින් සිටියි.
ඉන් එක් මාර්ගයක් බ්‍රසීලය හරහා වැටී ඇති අතර, එරට විසින් අවදානමට ලක්ව සිටින ඇෆ්ඝන් ජාතිකයින් සඳහා මානුෂීය වීසා 11,000කට අධික ප්‍රමාණයක් නිකුත්කර තිබේ.
බීබීසීය එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ටිහුවානා වෙත පැමිණ සිටින ඇෆ්ඝන් පවුල් සමග කතාබහ කළේ ය. එක්සත් ජනපදයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන ඇෆ්ඝන් සරණාගතයින් එහි රැස්වෙමින් සිටියි.







