ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගහ ඇලවෙනකොට මට බස් එක ඇද ගන්න බැරි වුණා'
කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී අද (ඔක්තෝම්බර් 6) පෙරවරුවේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් පස් දෙනෙක් මරණයට වූහ.
'මම බැලුවා කණ්නාඩියෙන්. ගහ මෙහෙම ඇලවෙනවා. මට ඇද ගන්න බැරි වුණා' යනුවෙන් බස් රථයේ රියදුරා පොලිස් නිලධාරීන්ට පැවසුවේය.
අනතුරට ලක්ව තිබෙන්නේ මතුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.
මිය ගිය අයගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් ලබා දෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසයි.
කඩා වැටුණු ගස අනතුරුදායක තත්ත්වයේ පවතින බවට කොළඹ මහ නගර සභාවට දැනුම් දුන් බවට ඇතමුන් පැවසීම සම්බන්ධයෙන් සොයා බලන බව නාගරික කොමසාරිස්වරිය පවසන්නීය.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය ද සැලකිල්ලට ගෙන ජනතාවට අනතුරුදායක ගස් ඉවත් කිරීමට පියවර ගන්නයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.