ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ අවි බලය සහ ඊශ්‍රායලයේ අවි බලය: සංසන්දනාත්මක කියවීමක්
වසර 20කට පසු පළමු වරට ඉරානය න්‍යෂ්ටික අවි සීමා කිරීම සඳහා වන ගිවිසුම් උල්ලංඝණය කරන බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ රටවල් 35න් 19ක් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.
ප්‍රකාශයට පත් නොකළ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් පිළිබඳව IAEA වෙත සම්පූර්ණ පිළිතුරු සැපයීමට ඉරානය "අවස්ථා ගණනාවකදී අසමත් වීම" ගිවිසුම්වලට "අනුකූල නොවීමක්" බව එම ආයතනය පවසයි. ප්‍රතික්‍රියාකාරක ඉන්ධන මෙන් ම න්‍යෂ්ටික අවි සෑදීමට ද භාවිත කළ හැකි ඉරානයේ යුරේනියම් තොග පිළිබඳව ද එම ආයතනය කනස්සල්ල පළ කරයි.
ඉරානය එම යෝජනාව "දේශපාලනික" ක්‍රියාවක් ලෙස හෙළා දුටුවේ ය. තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම සාමකාමී බවත්, එය කිසි විටෙකත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට හෝ අත්පත් කර ගැනීමට උත්සහ නොකරන බවත් ඉරානය අවධාරණය කරයි.
න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ ඉරානය, තමන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස ඊශ්‍රායලය සලකන අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු දිගු කලක් තිස්සේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයකට වඩා මිලිටරි ප්‍රවේශයක් සඳහා යොමු වී ඇත.
පසුගිය වසරේ අප්‍රේල් 13 වන දින ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද පෙරදිග කලාපයේ විශාල අර්බුදයක් ඇති වීමේ බියක් ජනිත වී තිබිණි.
බලය වැඩි කාට ද?
බීබීසී පුවත් සේවය පහතින් ලැයිස්තුගත කර ඇති මූලාශ්‍ර භාවිතයෙන් මෙම ප්‍රශ්නයට පිළිතුර කිරා මැන බලා තිබේ. කෙසේ වෙතත්, සෑම රටකට ම සැඟවී ඇති සැලකිය යුතු හැකියාවක් තිබිය හැක.
උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (IISS) විසින් විවිධ නිල සහ විවෘත මූලාශ්‍ර ක්‍රමවේද භාවිත කරමින් රටවල් දෙකෙහි ම හමුදාවල අවි බලය සංසන්දනය කිරීමට කළ හැකි කළ හැකි හොඳ ම ඇස්තමේන්තුව කොට තිබේ.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය වැනි සෙසු සංවිධාන ද ඇගයීම් සිදු කරන නමුත්, බොහෝවිට සංඛ්‍යා දත්ත ලබා නොදෙන රටවල් සම්බන්ධයෙන් ඒවායෙහි නිරවද්‍යතාව වෙනස් විය හැකිය.
කෙසේ වෙතත්, ඔස්ලෝහි සාම පර්යේෂණ ආයතනයේ (PRIO) නිකලස් මාර්ෂ් පවසන්නේ, ලොව පුරා රටවල හමුදා ශක්තිය තක්සේරු කිරීමේ මිනුම් ලකුණ ලෙස උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය සලකන බවය.
උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසන්නේ, ඊශ්‍රායලය ඉරානයට වඩා සිය ආරක්ෂක අයවැය සඳහා වැඩි මුදලක් වැය කරන අතර ඇති විය හැකි ඕනෑ ම ගැටුමකදී එරට සැලකිය යුතු ශක්තියක් යොදවන බවය.
2022 සහ 2023 වසරවලදී ඉරානයේ ආරක්ෂක වැය ශීර්ෂය අමෙරිකානු ඩොලර් බිලියන 7.4ක් පමණ වූ අතර, ඊශ්‍රායලයේ එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 19ක් පමණ වේ. එය ඉරානයේ වැය ශීර්ෂයට සාපේක්ෂාව දෙගුණයකටත් වඩා වැඩි බව උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසයි. ඊශ්‍රායලයේ ආරක්ෂක වියදම් එහි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව (එහි ආර්ථික නිමැවුමේ මිනුමක්) ඉරානයට වඩා දෙගුණයකි.
තාක්ෂණික වාසිය
උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඊශ්‍රායලය සතුව යුද්ධ ගුවන් යානා 340ක් ප්‍රහාර සඳහා සූදානම් කර ඇති අතර එය නිරවද්‍ය ගුවන් ප්‍රහාරවල වාසිය ගෙන දෙයි.
ජෙට් යානා අතර දිගු දුර ප්‍රහාර පරාසයක් සහිත F-15 ගුවන් යානා, F-35s - රේඩාර් මග හැරිය හැකි අධිතාක්‍ෂණික "රහස්" ගුවන් යානා සහ වේගවත් ප්‍රහාරක හෙලිකොප්ටර් ද වේ.
උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ඇස්තමේන්තු කරන්නේ, ඉරානය සතුව ප්‍රහාර එල්ල කළ හැකි ගුවන් යානා 320ක් පමණ ඇති බවය. ඔවුන් සතු ජෙට් යානා 1960 වර්ෂය තරම් අතීතයට දිවෙන අතර ඊට F-4, F-5 සහ F-14 ඇතුළත් වේ. (දෙවැන්න 1986 Top Gun චිත්‍රපටයේ ප්‍රසිද්ධියට පත් වූ යානයයි).
එහෙත්, ඔස්ලෝහි සාම පර්යේෂණ ආයතනයේ නිකලස් මාර්ෂ් පවසන්නේ, මෙම පැරණි ගුවන් යානාවලින් කොපමණ සංඛ්‍යාවක් සැබවින් ම පියාසර කළ හැකි මට්ටමේ පවතී ද යන්න පැහැදිලි නොමැති බව ය. මන්ද අලුත්වැඩියා සදහා කොටස් සොය ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇති හෙයිනි.
Iron Dome සහ Arrow
ඊශ්‍රායලයේ ආරක්ෂාවේ කොඳු නාරටිය වන්නේ, එහි Iron Dome සහ Arrow පද්ධති දෙක ය.
මිසයිල ඉංජිනේරු උසි රූබින් එරට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ඊශ්‍රායල මිසයිල ආරක්ෂක සංවිධානයේ නිර්මාතෘවරයා ය.
මේ වන විට, ජෙරුසලම් මූලෝපාය සහ ආරක්ෂාව පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ, Iron Dome සහ ජාත්‍යන්තර සහචරයින් පසුගිය වසරේදී ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන යානා සියල්ල ම පාහේ විනාශ කරන ආකාරය දුටු විට තමාට "ආරක්ෂිත" හැඟීමක් ඇති වූ බවය.
"මට ඉතා තෘප්තියක් වගේ ම ඉතා සතුටක් දැනුණා... ඒක ඉලක්කවලට එරෙහිව ක්‍රියාත්මක වීමට විශේෂයෙන් සකස් කර තිබෙනවා. ඒක කෙටි දුර මිසයිල ආරක්ෂණයක්. වෙනත් කිසි ම [පද්ධතියක] එවැනි දෙයක් නැහැ."
ඉරානය සිටින්නේ ඊශ්‍රායලයට කොපමණ දුරින් ද?
ඊශ්‍රායලය ඉරානයේ සිට කිලෝමීටර් 2100කට වඩා දුරින් පිහිටා තිබේ. ඔවුන් සතු මිසයිල ඉරානයට පහර දෙන ප්‍රධාන මාර්ගය බව ඩිෆෙන්ස් අයි සංස්කාරක ටිම් රිප්ලි බීබීසී පුවත් සේවයට පැවසීය.
ඉරානයේ මිසයිල වැඩසටහන මැද පෙරදිග කලාපයේ විශාලතම සහ වඩාත් ම විවිධත්වයෙන් යුත් මිසයිල වැඩසටහන ලෙස සැලකේ.
2022 වසරේදී අමෙරිකානු මධ්‍යම අණදෙන දෙපාර්තමේන්තුවේ ජෙනරල් කෙනත් මැකෙන්සි පැවසුවේ, ඉරානය සතුව බැලස්ටික් මිසයිල 3,000කට වඩා ඇති බවය.
උපාය මාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ මිසයිල ආරක්ෂණ ව්‍යාපෘතිය පවසන පරිදි, ඊශ්‍රායලට රටවල් කිහිපයකට මිසයිල අපනයනය කරයි.
ඉරානය සතු මිසයිල සහ ඩ්‍රෝන යානා
ඉරානය 1980 සිට 1988 දක්වා අසල්වැසි ඉරාකය සමග යුද්ධය පැවති සමයේ සිට එහි මිසයිල පද්ධති සහ ඩ්‍රෝන යානා පිළිබඳ පුළුල් ලෙස වැඩකටයුතු සිදු කර ඇත.
එය කෙටි හා දිගු දුර මිසයිල සහ ඩ්‍රෝන යානා නිපදවා ඇති අතර ඒවායින් බොහොමයක් යොදාගෙන මෑතකදී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර තිබේ.
හූති කැරලිකරුවන් සෞදි අරාබියට එල්ල කළ මිසයිල අධ්‍යයනය කරන විශ්ලේෂකයින් නිගමනය කර ඇත්තේ, ඒවා ඉරානයේ නිෂ්පාදිත බව ය.
දිගු දුර ප්‍රහාරයකින් 'දඬුවම්'
Defence Eye හී ටිම් රිප්ලි පවසන්නේ, ඊශ්‍රායලය ඉරානය සමග ගොඩබිම් යුද්ධයකට අවතීර්ණ වීමට බොහෝ දුරට ඉඩක් නොමැති බවය: "ඊශ්‍රායලය සතු විශාල වාසියක් තමයි, ඔවුන්ගේ ගුවන් බලය සහ සියුම් ඉලක්කගත ආයුධ. ඒ නිසා ඉරානයේ ප්‍රධාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඊශ්‍රායලයට තියෙනවා."
රිප්ලි පවසන්නේ, ඊශ්‍රායලය නිලධාරීන් ඝාතනය කිරීමටත් තෙල් ගබඩා ගුවනින් විනාශ කිරීමටත් බොහෝ දුරට ඉඩ ඇති බව ය.
"දඬුවම්' යනු එහි හරයයි... ඊශ්‍රායල් හමුදා සහ දේශපාලන නායකයින් එම වචනය නිතර ම භාවිත කරනවා. ඊශ්‍රායලයට විරුද්ධ වීම ගැන තම විරුද්ධවාදීන්ට දෙවරක් සිතීමට තරම් වේදනාවක් ඇති කිරීමට ඔවුන්ට සිදුවීම ඊශ්‍රායල් දර්ශනයේ කොටසක්.
අතීතයේදී, ඉහළ පෙළේ ඉරාන හමුදා සහ සිවිල් පුද්ගලයින් ගුවන් ප්‍රහාරවලින් මරණයට පත්වීම සහ 2024 අප්‍රේල් 1 වන දින සිරියානු අගනුවර ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලක් විනාශ කිරීම ඇතුළු සිදුවීම් අප්‍රේල් 13 සෙනසුරාදා ඉරානය විසින් කළ ප්‍රහාරයට පෙළඹවීමක් ඇති කොට තිබේ.
ඊශ්‍රායලය එම ප්‍රහාරයේ වගකීම හෝ ඉරාන ප්‍රකට නිලධාරීන් ඉලක්ක කර ගත් ප්‍රහාර ගණනාවක වගකීම භාරගෙන නැත.
කෙසේ වෙතත්, ඊශ්‍රායලට එහි වගකීම ප්‍රතික්ෂේප කර ද නැත.
නාවික හමුදාවන්
උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවලට අනුව ඉරානයේ වයස්ගත නාවික හමුදාවට නැව් 220ක් පමණ ඇති අතර ඊශ්‍රායලය සතු නැව් සංඛ්‍යාව 60කි.
සයිබර් ප්‍රහාර
ඉරානයේ ආරක්‍ෂක පද්ධතිය ඊශ්‍රායලයට වඩා තාක්‍ෂණිකව දියුණු නොවනු ඇති බැවින් ඊශ්‍රායලයේ හමුදාවට විද්‍යුත් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තවත් බොහෝ දේ අත්කර ගත හැකිය.
ඊශ්‍රායල රජයේ ජාතික සයිබර් අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, "සයිබර් ප්‍රහාරවල තීව්‍රතාව වෙන කවරදාකටත් වඩා වැඩි අතර, සෑම ඊශ්‍රායල අංශයක ම ප්‍රහාර අවම වශයෙන් තුන් ගුණයකට වඩා වැඩි වෙනවා. යුද්ධය අතරතුර ඉරානය සහ හිස්බුල්ලා (ලෙබනන් සටන්කාමී සහ දේශපාලන සංවිධානය) අතර සහයෝගීතාව වැඩි වුණා."
එම මණ්ඩලය වාර්තා කළේ, 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට වසර අවසානය දක්වා සයිබර් ප්‍රහාර 3,380ක් වාර්තා වී ඇති බව ය.
ඉරානයේ සිවිල් ආරක්ෂක සංවිධානයේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලම්රේසා ජලාලි පැවසුවේ, මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මාසය තුළ ඉරානය සයිබර් ප්‍රහාර 200කට ආසන්න සංඛ්‍යාවක් ව්‍යර්ථ කළ බව ය.
දෙසැම්බර් මාසයේදී ඉරානයේ ඉන්ධන අමාත්‍ය ජාවාඩ් ඕව්ජි පැවසුවේ, සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල්වලට බාධා ඇති වූ බව ය.
න්‍යෂ්ටික තර්ජන
ඊශ්‍රායලය සතුව තමන්ගේ ම න්‍යෂ්ටික අවි ඇතැයි උපකල්පනය කර ඇති නමුත් හිතාමතා ම ව්‍යාකූල නිල ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි.
ඉරානය සතුව න්‍යෂ්ටික අවි ඇතැයි නොසිතන අතර, ඊට පටහැනිව චෝදනා තිබියදීත්, එය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයක් බවට පත්වීම සඳහා එහි සිවිල් න්‍යෂ්ටික වැඩසටහන භාවිත කිරීමට උත්සහ කිරීම ප්‍රතික්ෂේප කරයි.
භූගෝලීය ලක්ෂණ සහ ජනවිකාසනය
ඉරානය ඊශ්‍රායලයට වඩා විශාල රටක් වන අතර එහි ජනගහනය (මිලියන 89කට ආසන්න) ඊශ්‍රායලයේ (මිලියන 10කට ආසන්න) මෙන් දස ගුණයක් පමණ වේ.
එහි සේවය කරන සෙබළුන් සංඛ්‍යාව ඊශ්‍රායලය මෙන් හය ගුණයක් පමණ වේ. ඉරානයේ ක්‍රියාකාරී සොල්දාදුවන් 600,000 ක් සිටින අතර ඊශ්‍රායලයේ සිටින්නේ, 170,000ක් බව උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසයි.
'ඉරාන කාඩ්පත'
මැද පෙරදිග කටයුතු පිළිබඳ විශේෂඥ තරික් සුලෙයිමාන් බීබීසී උර්දු සේවයට පවසන්නේ, ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ යුද්ධයක් අවශ්‍ය; යුද්ධ ගැති සාමාජිකයින් සිටින අතර, ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ඊශ්‍රායලයේ අගමැතිට බලපෑම් කරන බවට විශ්වාස කරන බව ය. "නේතන්යාහු දේශපාලනික වශයෙන් අවදානමට ලක්විය හැකි සෑම අවස්ථාවකදී ම, ඔහු වහා ම ඉරාන කාඩ්පත පාවිච්චි කරනවා."
ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද මත විමසුමකට අනුව, ඊශ්‍රායල් මහ ජනතාවගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රතිශතයක් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ වන බව අනාවරණය වී තිබේ.
විශ්වවිද්‍යාලයේ නිවේදනයක දැක්වෙන්නේ, මෙම සමීක්ෂණය 2024 අප්‍රේල් 14 සහ 15 යන දිනවල ඉන්ටර්නෙට් සහ දුරකතන මගින් පවත්වන ලද අතර, යුදෙව්වන් සහ අරාබිවරුන් යන දෙඅංශයෙන් ම වැඩිහිටි ඊශ්‍රායල ජාතිකයන් නියෝජනය කරන පිරිමින් සහ කාන්තාවන් 1,466 දෙනෙකුගේ නියැදි ලබා ගත් බවය.
ඊශ්‍රායලයේ සහ ඉරානයේ 'නියෝජිත යුද්ධය' යනු කුමක් ද?
ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ දක්වා විධිමත් යුද්ධයක් සිදු නොවූවත් දෙරටේ ම නිල නොවන ගැටුමක් පවතී. ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බවට චෝදනා කරනු ලබන ප්‍රහාරවලින් ඉරානය ඇතුළු අනෙකුත් රටවල සිටින වැදගත් ඉරාන ප්‍රධානීන් ජීවිතක්ෂයට පත් වන අතර, ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරන්නේ ඔවුන්ගේ නියෝජිතයින් හරහා ය.
ඉරානය, හිස්බුල්ලා සංවිධානයට සහය දෙන බව ප්‍රතික්ෂේප නොකරයි.
ගාසා තීරයේ හමාස් සංවිධානයට ඉරානය දක්වන සහයෝගය ද ඊට සමාන ය. හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර දශක ගණනාවක් තිස්සේ ගාසා තීරයේ සිට ඊශ්‍රායල් ප්‍රදේශ වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.
ඊශ්‍රායලය සහ බටහිර බලවතුන් විශ්වාස කරන්නේ, ඉරානය හමාස් සංවිධානයට ආයුධ, යුද්ධ උපකරණ සහ පුහුණුව ලබා දෙන බවට ය.
යේමනයේ හූතිවරුන් තවත් ඉරාන නියෝජිත කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියේ දක්නට ලැබේ. සෞදි අරාබිය පවසන්නේ, තමන්ට එල්ල කළ හූති මිසයිල ඉරානයේ නිෂ්පාදනය කළ ඒවා බව ය.
ඉරාකය සහ සිරියාව තුළ ද ඉරානයේ සහය ලබන කණ්ඩායම් සැලකිය යුතු බලයක් දරයි. ඉරානය සිරියානු රජයට සහය දක්වන අතර ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සිරියානු භූමිය භාවිත කරන බව පැවසේ.
අතිරේක වාර්තාකරණය, අහ්මේන් ඛවාජා, කාර්ලා රොෂ්, රීසා සබෙටි සහ ක්‍රිස් පාට්‍රිජ්.