මහ බැංකු අධිපතිවරයාට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ළබැඳියාවන් අතර ගැටුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, "මගේ වත්කම් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පැමිණිල්ලක් කළොත් උත්තර දෙන්න පුළුවන්"
මහ බැංකු අධිපතිවරයාට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ළබැඳියාවන් අතර ගැටුමක් ද?
Published

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු වත්කම් සහ බැරකම් ප්‍රකාශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් (රු. කෝටි 42.5ක් පමණ) වන බව සඳහන් කරමින් බීබීසී සිංහල සේවය පළ කර ඇති ලිපියට ද ඔහු (සැප්තැම්බර් 24) ප්‍රතිචාර දැක්වීය.

විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම ළබැඳියාවන් අතර ගැටීමක් නොවන්නේදැයි බීබීසී ලිපියට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු ම යොමු කළ ගැටලුව ද මෙහිදී අපි මහ බැංකු අධිපතිවරයාට ඉදිරිපත් කළෙමු.

මේ ඒ සඳහා ඔහු ලබාදුන් පිළිතුර යි.