ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආටෝපවලින් තොර නත්තලක්: ලොව පුරා රටවල ජනතාව අර්ථවත් ලෙස නත්තල සමරන අයුරු
- Author, ලෝරා හෝල්
මෙම ගෝලීය සම්ප්‍රදායන් හත නත්තල් සමයේ වෙනස් පැතිකඩක් පෙන්වා දෙයි; වඩාත් සාමූහික, පොදු සහ බොහෝ දුරට භෞතික දේවල්වලින් මිදුනු නත්තලක් ලෙස එය හැඳින්විය හැකිය.
නත්තලේ සැබෑ අරුත, දවටන කඩදාසි ගොන්නකින් වැසී ගොස් ඇතැයි බව ඔබට හැඟෙන්නේ නම්, අනෙකුත් රටවල් එය සමරන ආකාරය දෙස බැලීම පුදුමසහගත ලෙස සහනයක් ගෙන දිය හැකිය. සම්ප්‍රදායන් තැනින් තැනට විශාල වශයෙන් ලෙස වෙනස් වන අතර භූ පිහිටීම, ඉතිහාසය, වටිනාකම් සහ දේශගුණය අනුව ඒවා හැඩගැසී ඇත. බොහෝ රටවල්වල ජනයා තෑගි හුවමාරු කර ගන්නා අතර, ඒ වටා ඇති චාරිත්‍ර බොහෝ සෙයින් වෙනස් වේ. දිගු කලක් තිස්සේ ආදරයට පාත්‍ර වූ මෙම සිරිත් විරිත් අපට පෙන්වා දෙන්නේ නත්තල හුදු ගනුදෙනුවක් නොවිය යුතු බවයි; එය ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වූ දේවස්ථානවල ගීතිකා ගායනා කිරීමේ සිට පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීම හෝ ස්වභාවධර්මය අගය කිරීම දක්වා සහයෝගී, නිර්මාණශීලී හෝ ප්‍රජා සහභාගිත්වයෙන් සිදුවන ක්‍රියා විය හැකි ය.
ජීවිතය හැර ගිය ආදරණීයයන් සිහිපත් කිරීමේ සිට පරම්පරා ගණනාවක සිට එන ක්‍රීඩාවක නිරත වීම දක්වා, ඔබ කොතැනක සිටියත් ඔබට අනුගමනය කළ හැකි නත්තල් සම්ප්‍රදායන් හතක් මෙහි දක්වා තිබේ.
1. අයිස්ලන්තය: නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු ඉටිපන්දම් එළියෙන් පොත් කියවීම
අයිස්ලන්තයේ පොත් ප්‍රකාශකයෝ නත්තලට පෙර නව ග්‍රන්ථ රාශියක් නිකුත් කරති - එය jólabókaflóð හෝ "Christmas book flood" ලෙස හඳුන්වන එම කාලයට පමණක් සිදුවන සංසිද්ධියකි. එම සම්ප්‍රදායේ ඉතිහාසය දෙවන ලෝක යුද්ධය දක්වා දිව යයි. එහිදී කඩදාසි හැර බොහෝ භාණ්ඩ සලාක ක්‍රමයට ලබා දුන් අතර, පොත් වඩාත් ප්‍රායෝගික නත්තල් තෑග්ග බවට පත් කළේ ය. අද, එය අයිස්ලන්තයේ එතරම් විශාල නොවන ප්‍රකාශන කර්මාන්තයට සහය වෙයි; එමෙන් ම එය මිය යාමේ අවදානමේ ඇති අයිස්ලන්ත භාෂාව කෙරෙහි ආදරය ද වඩවන අතර රට පුරා සිටින පොත් කියවීමට කැමත්තක් දක්වන පිරිස් සතුටු කරයි.
දෙසැම්බර් 24 වන දා, පවුල්වල සාමාජිකයෝ තෑගි හුවමාරු කර ගන්නා අතර නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහය රස විඳිති. පසුව ඉටිපන්දම් එළියෙන් ඔවුන්ගේ අලුත් පොත් කියවමින් කාලය ගත කරති. ඇතැම් විට ඒ අසල චොක්ලට් පෙට්ටියක් සහ කුමක් හෝ පානයක් තිබිය හැකිය. එය පැහැදිලිව ම අයිස්ලන්ත සම්ප්‍රදායක් ලෙස හැඟෙන චාරිත්‍රයක් නමුත් ඕනෑ ම ස්ථානයක සිට පහසුවෙන් සිදු කළ හැකි දෙයකි.
2. ජපානය: ඔබේ සහකරු / සහකාරිය සමග ආදරයෙන් කාලය ගත කිරීම
බොහෝ දුරට ක්‍රිස්තියානි නොවන රටක් ලෙස, ජපානය තමන්ට ම සුවිශේෂී වූ ආකාරයකින් නත්තල සමරයි. පවුල කේන්ද්‍ර කරගත් සැමරුමක් වෙනුවට, නත්තල් සන්ධ්‍යාව බොහෝ දුරට ආදරවන්තයින්ගේ දිනය මෙන් සමරයි. එය ආදරවන්තයින් සඳහා ආදරණීය සන්ධ්‍යාවක් වේ. හිමෙන් වැසී ගිය වීථි නත්තල් ආලෝකයෙන් දිදුළයි. අවන්හල් තුළ විශේෂ ආහාර වර්ග පිළිගැන්වෙන අතර සුඛෝපභෝගී හෝටල් අතුරු සිදුරු නැතිව පිරී යයි.
නත්තල් ආහාර ද බෙහෙවින් වෙනස් ය: ජපන් ජනතාව 'කුරීසුමස්සු කේකී' නමැති ස්පොන්ජ් ස්ථර සහිත ක්‍රීම් සහ ස්ට්‍රෝබේරි සහිත ආහාරයක් අනුභව කරමින් නත්තල සමරති. මෙම සම්ප්‍රදායේ සැබෑ අත්දැකීම ලබා ගැනීමට කාර්යබහුල වුව ද ඔබේ සහකරු වෙනුවෙන් ම කාලයක් වෙන් කර බලන්න.
3. ඔස්ට්‍රේලියාව: පවුලක් ලෙස එක්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීම
ඔස්ට්‍රේලියාවේ නත්තල් දිනය හිරු එළිය, ආහාර සහ පවුල මත කේන්ද්‍රගත වේ. නත්තල් ක්‍රිකට් තරගය: එය බීර වීදුරුවක්ර ස විඳින අතරතුර ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියානු පවුල්වලට ම වෙන් වූ සම්ප්‍රදායක අත්දැකීම් ලබා ගැනීමකි. වයස් භේදයකින් තොරව ඕනෑ ම අයෙකුට ඒ සඳහා සම්බන්ධ විය හැක.
සෑම කෙනෙකුගේ ම සහභාගිත්වය අගයන එදින ජයග්‍රහණය අරමුණු නොකරයි. ඔබේ පස් හැවිරිදි බෑණා ඔහුගේ පළමු උත්සාහයේදී ම දැවී ගියහොත්, එය නොදැක්කා සේ ඔහුට නැවත පන්දුවට පහර දීමට ඉඩ ලැබෙනු ඇත. නිවසින් නිවසට නීති වෙනස් වන නමුත් ඇතැම් නිවෙස්වල නීති අනුකම්පා විරහිත ය.
සීතල දේශගුණයක සිටින ජනතාව පැහැබර දිනක් බලාපොරොත්තු වන අතර ඇතැමෙක් ගෘහස්ථ ක්‍රීඩාවල නිරත වෙති.
4. ෆින්ලන්තය: මුතුන් මිත්තන් සිහිපත් කිරීම
මියගිය ඥාතීන් සිහිපත් කිරීම ෆින්ලන්ත නත්තලේ කේන්ද්‍රීය අංගයකි. ජීවිතයෙන් සමුගත් ආදරණීයයන් වෙනුවෙන් නත්තල් සන්ධ්‍යාවේදී ඉටිපන්දම් දැල්වීම සඳහා පවුල්වල සාමාජිකයෝ සුසාන භූමිවලට රොක්වෙති. This Is Finland සඟරාවට අනුව, ෆින්ලන්තයේ පවුල්වලින් හතරෙන් තුනක් පමණ මේ සඳහා සහභාගී වන අතර, සොහොන් බිම් හිම සහ ඉටිපන්දම් ආලෝකයේ සන්සුන් දර්ශනයක් බවට පත් කරයි.
මෙම අවස්ථාවේදී සුසාන භූමි ජනයාගෙන් පිරී ඉතිරී යා හැකි නමුත්, එය තවමත් සැලකෙන්නේ කාර්යබහුල සමයේ ඉතිරිවන සාමයේ සහ ආවර්ජනයේ දුර්ලභ මොහොතක් ලෙසයි. සුසාන භූමි වෙත පැමිණීමෙන් අනුගමනය කරනු ලබන්නේ තවත් ආදරණීය ෆින්ලන්ත සම්ප්‍රදායකි: එය the Christmas Eve family sauna ලෙස හැඳින්වේ.
5. යුක්‍රේනය: මකුළුවන් සැමරීම
බටහිර යුක්‍රේනයේ වඩාත් සාමාන්‍ය නත්තල් සැරසිලි වන්නේ බෝබල් හෝ තාරකාවක් නොව, ආභරණවලින් සරසන ලද මකුළු දැලකි. මෙම චාරිත්‍රය ආරම්භ වන්නේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාදයක් වන The Legend of the Christmas Spider වෙතින් වන අතර, එහි මකුළුවෙකු, සැරසිලි මිලට ගැනීමට නොහැකි තරම් දුප්පත් සිටි කාන්තාවකගේ නත්තල් ගස අලංකාර කරයි. ඇය උදෑසන අවදි වන විට එය රිදී දැල්වලින් දිලිසෙන අයුරු දකින අතර, එදින සිට ඇගේ පවුලට නැවත කිසිදා සැරසිලි අවශ්‍ය නොවිණි.
යුක්‍රේන වැසියෝ කඩදාසි සහ වයර්වලින් සියුම් දැල් නිර්මාණය කර ඒවා ටින්සල් මෙන් ඔවුන්ගේ ගස වටා ඔතති. ගසක සැබෑ මකුළුවෙකු හෝ මකුළු දැලක් සොයා ගැනීම වාසනාවක් ලෙස ඔවුන් සලකනු ලබන අතර, මෙම කාලය තුළ ඒවා කඩා ඉවත් නොකිරීම සිරිතකි. සම්ප්‍රදාය අනුගමනය කිරීමට ඇති පහසුම ක්‍රමය වන්නේ මකුළු දැල් බැඳීමට ඉඩ ලබා දීමයි.
6. ඩෙන්මාර්කය: නිවසේදී ම සැරසිලි සෑදීම
Klippe klistre දිනය - "කැපීම සහ ඇලවීම" යන අරුත දෙන මෙය ඩෙන්මාර්කයේ මග නොහරින චාරිත්‍රයකි. රට පුරා පිහිටි නිවාස, පාසල් සහ සේවා ස්ථාන මගින් පන්ති කාමර, කාර්යාල සහ විසිත්ත කාමරවලට නත්තල් අසිරිය ගෙන ඒම සඳහා විසිතුරු මල්මාලා, ගෙත්තම් කළ තරු සහ කඩදාසිවලින් හදවත් සෑදීම ඉගැන්වීමට සැසි පවත්වයි.
මෙය එකට එක්වී නිර්මාණශීලීත්වය තුළින් ජනතාව පිළිබඳ හැඟීමක් ගොඩනගා ගැනීමට හිමිවන අවස්ථාවක් වන අතර, ඒ සියල්ල æbleskiver (කුඩා නත්තල් ඩෝනට්ස්), කුකීස් සහ ඩෙන්මාර්කයෙන් එන ශක්තිමත් වයින් වර්ගයක් වන gløggවලින් රසවත් වේ. වසර ගණනාවක පුහුණුවීමෙන් පසු, ඉතා කුඩා කඩදාසි කැබලිවලින් පුදුමාකාර දේවල් සෑදීමට ඩෙන්මාර්ක වැසියන්ට හැකි බව පෙනේ. නමුත් සරල කඩදාසි මල් මාලයකට පවා ඔබේ නිවසට ස්කැන්ඩිනේවියානු ශිල්පයේ ස්පර්ශයක් ලබා දිය හැකිය.
7. වෙනිසුවෙලා: හිම මත ලිස්සා යාමට සැරසෙන්න
වෙනිසුවෙලාවේ දේවස්ථානවල පැවැත්වෙන දිව්‍ය පූජාවන් ප්‍රීතිමත්, පොදු සහ උද්‍යෝගීභාවයෙන් පිරී පවතී. නත්තලට පෙර සීනු නාද කිරීම, රතිඤ්ඤා සහ ඇතැම් විට ගිනිකෙළි දල්වයි. නමුත් වඩාත් ම කැපී පෙනෙන චාරිත්‍රය වන්නේ මිනිසුන් බොහෝ විට හිම මත ලිස්සා (ස්කේට්) පැමිණීමයි.
දෙසැම්බර් 16 සහ 24 වන දා අතර උදෑසන 05:00 හෝ 06:00ට පමණ පැවැත්වෙන early-morning Misa de Aguinaldo (අලුයම උදෑසන දිව්‍ය පූජාව) සඳහා හිම මතින් ලිස්සා පැමිණීම මත මෙම සම්ප්‍රදාය කේන්ද්‍රගත වී තිබේ. දරුවන් බොහෝ විට ඉක්මනින් නින්දට යන බැවින් ඔවුන් අලුයම දිව්‍ය පූජාව සඳහා සූදානම් වන අතර, බොහෝ වැඩිහිටියෝ රාත්‍රියේදී හිම මත ලිස්සා යමින් පල්ලියට ළඟා වෙති. අසල්වැසියන් නිහඬ වීදි ඔස්සේ පැමිණීමත් සමග එය ආදරණීය චාරිත්‍රයක් බවට පත් වේ.
ස්කේටින් විකල්පයක් නොවන්නේ නම්, ඔබේ ප්‍රදේශයේ දිව්‍ය පූජාවකට හෝ ප්‍රජා උත්සවයකට සම්බන්ධ වීම ඒ හා සමාන ප්‍රජා සැමරුමක හැඟීමක් ළඟා කර දෙනු ඇත.