සේනක බටගොඩ: 'පාදයේ සැත්කමකට රෝහලට ගිය' ජනප්‍රිය ගායන ශිල්පියා සදහට ම නිහඬ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, senakabatagoda.lk
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ ගීත රැසක් නිර්මාණය කළ ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ බදාදා (සැප්: 11) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ පවුලේ සමීපතමයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාදයේ පැවති රෝගී තත්ත්වයක් මත ඔහු ශල්‍ය කර්ම දෙකකට භාජනය කර සිටි බව ය.
දෙවන ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසුව ඔහුට ශ්වසන අපහසුතාවක් ඇති වූ බවත් පසුව අභාවප්‍රාප්ත වූ බවත් ඔහු පැවසීය.
සේනක බටගොඩ යනු වෙනස් ආරක තනු නිර්මාණ සහ ගීත හරහා ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ සංගීත ශිල්පියෙකි.
පෞද්ගලික තොරතුරු
1958 වසරේ ජූනි මස 25 වන දා උපත ලැබූ සේනක බටගොඩ සීදුව ප්‍රදේශයේ පදිංචි වී සිටියේ ය.
මිය යන විට ඔහු 66 වන වියේ පසු විය.
මුල් කාලයේදී ඔහු ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රවීණ සංගීත ශිල්පීන්ගේ නිර්මාණවලට දායක වූ බව පැවසේ.
ඔහු පිළිබඳව දැඩි රසික අවධානයක් යොමු වූයේ, සංගීත් විජේසූරිය ප්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම ගායනා කළ ‘අපි කවුරුද’ ගීතය ජනප්‍රිය වීමත් සමග ය.
එම ගීතයේ පද සහ තනුව සේනක බටගොඩ විසින් නිර්මාණය කරන ලද බව ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහුගේ සෙසු නිර්මාණ රැසක් ද ජනාදරයට පත්විය.
ඔහු නිර්මාණය කළ ‘අපි සැනසිල්ලේ’ ගීතය ද අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.
සංගීත දිවිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු කුඩා කල සිට ම ගීත ගායනය සහ බෙර වාදනය සඳහා විශේෂ කැමැත්තක් දැක්වූ බව ඔහුගේ නිල වෙබ් අඩවියෙහි සඳහන් කර තිබේ.
තරුණ වියේදී, ඔහු ගායන ශිල්පියෙකු සහ ගිටාර් වාදකයෙකු ලෙස ඔහුගේ දක්ෂතා පෙන්නුම් කළ අතර රොක්, රෙගේ සහ පොප් වැනි සංගීත ප්‍රභේද ගවේෂණය කළේ ය.
විවිධ සංගීත ශෛලීන් හැදෑරීම සඳහා ඔහු කළ කැපවීම පිළිබිඹු කරමින් ඔහු සිය පළමු සංගීත නිර්මාණය 1994 දී නිකුත් කළ බව ද නිල වෙබ් අඩවියෙහි දැක්වේ.
සේනක බටගොඩගේ අපූර්ව ජන සංගීතමය ආභාසය, විවිධ ශානරයන්හි ප්‍රවීණත්වය ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ බව විචාරකයින්ගේ අදහස යි.
“ඔහු සිංහල සංගීත ක්ෂේත්‍රයේ පොදු රසික ප්‍රජාව අතරේ ජනාදරයට පත්වුණේ ‘අපි කවුරුද’ ගීතය සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ කණ්ඩායම ගායනා කළාට පස්සේ. ඒ ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමත් සමග එහි නිර්මාණකරු විදිහට සේනක බටගොඩ ගැන දැඩි රසික ආකර්ෂණයක් හිමි වුණා. ඔහුගේ ගීත මුල් කාලයේ වායෝ හඬින් ඇහුවට පසු කාලීනව රසිකයෝ ඔහුගේ හඬින් ම අහන්න ගත්තා,” ඔස්කා ගීත නිර්මාණකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් බීබීසී සිංහල සේවයට පැවසීය.
“ඔහුව මුල් කාලයේ දැනගෙන සිටි රසිකයින් පිරිසක් හිටියා. තව නිර්මාණවලටත් ඔහු දායක වෙන්න ඇති. ඒත්, ඔහු පොදු රසිකයින් අතරට ආවේ ටිකක් පමා වෙලා කියල මට හිතෙනවා. ඔහු ඒ කාලය තුළ විශිෂ්ට නිර්මාණ කිහිපයක් ම කළා. ඒවා රසිකයින් ආදරයෙන් වැළඳ ගත්තා. ඔහුට තවත් නිර්මාණ කරන්න තිබුණා නම් ගොඩක් හොඳ යි. අවුරුදු 66ක් වගේ වයසකදී කලින් ම ජීවිතයෙන් සමුගැනීම ලොකු පාඩුවක් සංගීත ක්ෂේත්‍රයට,” කීර්ති පැස්කුවල් වැඩිදුරටත් පැවසීය.
ඔහු ගීත නිර්මාණය කර ගායනා කළ අතර, අපි කවුරුද, සැනසෙන්නම් මා, රස්තා, ජීවිතේ මල්, අපි සැනසිල්ලේ, අනන්තයට, හීනවලට, බිඳගෙන යමු, හොඳ ම දේ යන ගීත බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී තිබේ.
සිනේමාවෙන් සිනමාවට
සේනක බටගොඩ ගායන ශිල්පියෙකු ලෙස සිනමාවට ද අවතීර්ණ විය.
ඒ, 2022 වසරේදී ය.
කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ ‘සිනේමා’ චිත්‍රපටයේ පසුබිම් ගායකයෙකු ලෙස ඔහු සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ විය.
ගීත 7කට වාරණයක්
ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.
කොළඹ මහාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කළේ, 'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' යන ගීත 7 සම්බන්ධයෙනි.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම වාරණ නියෝගය නිකුත් කළේ, ජනත් කුලතිලක නමැත්තෙකු සංගීත නිර්මාණයට දායක වූ බව කියන අදාළ ගීත 7 වෙනුවෙන් කර්තෘ භාගය නොගෙවූ බවට වූ චෝදනා යටතේ ය.
මේ සම්බන්ධයෙන් සේනක බටගොඩගේ පාර්ශවය පැවසුවේ, "ජනත් කුලතිලක කී බෝර්ඩ් වාදනය කිරීම පමණක් කළ" හෙයින් අදාළ ගීත වෙනුවෙන් කර්තෘ හිමිකම් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව ය.
සේනක බටගොඩගේ අභාවය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ශෝකය පළ කර තිබිණි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
අවසන් කටයුතු
සේනක බටගොඩගේ කළමනාකාරවරයා බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි, ඔහුගේ දේහය බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇති.
අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.














