රජීව් ගාන්ධි ඝාතනය: සිර දඬුවම් ලබා පසුව නිදහස් වූ ලාංකිකයින් තිදෙනා දිවයිනට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් වී වසර 33 ක් සිර දඬුවම් ලබා නිදහස ලැබූ ලාංකිකයින් තිදෙනකු අද (අප්‍රේල් 03 වැනිදා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
62 හැවිරිදි ශන්මුගලිංගම් ජෙයකුමාර් , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් මුරුගන් ශ්‍රීහරන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබර්ට් පියර්ස් යන අය මෙලෙස දිවයිනට ඒවා අතර ඔවුන් සමග ඉන්දීය නීතීඥවරයෙකු ද පැමිණ තිබේ.
මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි .
රජීව් ගාන්ධිගේ ඝාතනයට සම්බන්ධ වීමේ චෝදනාව මත වසර 33 ක් සිර දඩුවම් විදීමෙන් පසුව 2022 නොවැම්බර් මස 11 දින නිදහස ලබා තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි විශේෂ කදවුරේ රඳවා තබා ගැනීමෙන් පසුව මොවුන් මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ.
දිවයිනට ගොඩබැසීමෙන් පසු මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන කටුනායක ගුවන් තොටුපොලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ.
මොවුන් තිදෙනා ඉන්දියාවට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පළා ගොස් තිබූ බැවින් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සාන්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනයේදී
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනයට වරදකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකු සිරගත කොට සිටි අතර,ඉන් පුද්ගලයින් සිව් දෙනෙක් ලාංකිකයින් වූහ. ඔවුන් සිව්දෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඝාතන චෝදනාවන්ට සිරගතව නිදහස ලබා සිටි ටි.සුදෙන්ද්‍රරාජා නොහොත් සාන්තන් රෝගාතුරව චෙන්නායි පිහිටි රජීව් ගාන්ධි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 28 වැනිදා මිය ගියේය.
ජීවිතක්ෂයට පත්වු සාන්තන්ගේ මළ සිරුර ගුවනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් අනතුරුව ඔහුගේ නිවස පිහිටි යාපනය,උඩුප්පිට්ටි වෙත රිය පෙරහැරකින් රැගෙන යනු ලැබුණි.
එහිදි උතුරු පළාතේ විශාල පිරිසක් සාන්තන්ගේ දේහය වෙත අවසන් ගෞවර දැක්වු අතර, මාර්තු 04 වැනිදා යාපනය උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී ඔහුගේ සිරුර අදාහනය කෙරිණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී පැවැත්වීණි.
මළ සිරුර කටුනායක ගුවන්තොටුපොළ සිට යාපනය දක්වා රැගෙන යන අවස්ථාවේ අවමංගල්‍යය පෙරහැර (මාර්තු 03 වැනිදා) වවුනියාව නගරයෙන් ආරම්භ කළ අතර, මාන්කුලම, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ප්‍රධාන නගරවලදී දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
දකුණු ඉන්දීය නීතිඥවරු දෙපළක් සාන්තන්ගේ සිරුර රැගෙන 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

රජීව් ගාන්ධි ඝාතනය
1991 මැයි මස 21 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්වු ජන හමුවකට සහභාගිවු ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.
එවක වයස අවුරුදු 22 ක් වු කලෙයිවානි රාජරත්නම් නොහොත් ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් හිටපු අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබීය.
බෝම්බ ප්‍රහාරයට ලක්ව රජීව් ගාන්ධි ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර, තවත් පුද්ගලයින් 35දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් LTTE සංවිධානයට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඝාතනය LTTE සංවිධානයේ මෙහෙයවීම යටතේ සිදුවු බවට චෝදනා එල්ල විය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස
ප්‍රධාන බෝම්බකාරිය බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වු අතර, ඝාතනය මෙහෙයවු හා ඝාතනයට සම්බන්ධ පිරිසක් ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් එවකදී අත්අඩංගුවට ගනු ලැබීය.
නලිනි ශ්‍රීහරන්, මුරුගන් ශ්‍රීහරන්, ටි.සුදෙන්ද්‍රරාජා නොහොත් සාන්තන්, රොබර්ට් පියර්ස්, ජෙයකුමාර්, රවිචන්ද්‍රන් නොහොත් රවී හා ඒ.ජී.පෙරාරිවලන් යන අය හිටපු අගමැතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිසට තමිල්නාඩු හා ඉන්දීය මධ්‍යම රජයේ අධිකරණවල නඩු පවරා තිබු අතර, නඩු විභාගයන්ගෙන් අනතුරුව හා ගාන්ධි පවුලේ ඉල්ලීම් මත වරදකරුවන් වු පිරිසට 2022 නොවැම්බර් 11 වැනිදා නිදහස හිමිවිය.
සාන්තන් ජීවිතක්ෂයට පත්වීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හිටපු අගමැති ඝාතනයට සහයෝගය ලබාදීම වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් එවක සාන්තන් අත්අඩංගුවට ගෙන 2 වැනි වරදකරු ලෙසට සිරගත කොට තිබුණි.
සිරගතව වසර 30 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව සාන්තන් නිදහස් වු අතර, නිදහස ලැබීමෙන් අනතුරුව සාන්තන්ගේ ඉල්ලීම වූයේ යාපනයේ ජීවත්වන සිය මව සමඟ තමන්ගේ අවසන් සමය ගතකිරීමට අවසරය ලබාදෙන ලෙස ය.
සාන්තන්ගේ ඉල්ලීම මත ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග යටතේ හා ඉන්දීය මධ්‍යම රජයේ සහයෝගය මත සාන්තන්ට සිය මුල් ගම්මානය වෙත යාමට අවසරය හිමිව තිබු අතර, ශ්‍රී ලංකා බලධාරීන් ද සාන්තන්ට මෙරටට පැමිණීමට අවසරය ලබාදී තිබිණි.
සාන්තන් මාර්තු මසදී මෙරටට පැමිණීමට නියමිතව තිබු අතර,එහෙත් සාන්තන්ට පැවති අක්මා රෝගී තත්වයක් මත සාන්තන් පෙබරවාරි 28 වැනිදා චෙන්නායි රජීව් ගාන්ධි රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.
සාන්තන්ගේ මරණය ගැටළුවක් වන බව සාන්තන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කොට තිබු අතර, ඇතැමෙක් පැවසූවේ සාන්තන්ගේ මරණය සම්බන්ධයෙන් සැක කරන බවයි.
රජීව් ගාන්ධි ඝාතන සිද්ධියේ සෙසු සැකකරුවන් වු නලිනි, මුරුගන් ඇතුළු පිරිසක්ද, දකුණු ඉන්දීය දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද චෙන්නායිහිදී සාන්තන්ගේ මළ සිරුරට අවසන් ගෞරව දක්වා තිබිණ.
සාන්තන්ගේ මරණය සම්බන්ධයෙන් උතුරේ දේශපාලඥයින්ගේ මතය
“සාන්තන්ගේ මරණය ස්වභාවික මරණයක් කියලා තමයි වෛද්‍යවරුන් සඳහන් කරලා තිබෙන්නේ.ඒත් තවත් පිරිසක් මරණය සම්බන්ධයෙන් සැක සහිතයි කියලා සඳහන් කරලා තිබෙනවා.
සාන්තන් සිරගතව ඉන්න අවස්ථාවේදීත් විවිධ රෝග වෙනුවෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. වෛද්‍යවරුන් කණ්ඩායමක්ම මරණය ස්භාවික මරණයක් කියලා තමයි නිගමනය කරලා තිබෙන්නේ.”
“ඒ හින්දා ඒ ගැන සැකයක් හිතන්න හේතුවක් නෑ.” යනුවෙන් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කළේය.












