රාජිනී තිරාණගම ඝාතනය: 'බිඳුණු තල් රුක කියන පොත තමයි රාජිනීගේ ඝාතයට මුල් වුණේ'
මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ නිදහස් මතධාරිනියක වූ රාජිනී තිරාණගම 1989 සැප්තැම්බර් මාසයේ විසි එක් වෙනි දින යාපනයේ දී වෙඩි තබා ඝාතනය කළාය.
එවකට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ රාජිනී තිරාණගම ඒ අනුව ඝාතනයට ලක්වී මේවන විට වසර 33කි.
LTTE සංවිධානයට සහය දුන් ඇය පසුව පසුව LTTE සංවිධානයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් එම සංවිධානයට එරෙහිව ක්‍රියා කළාය.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඇගේ සැමියා දයාපාල තිරාණගම කියා සිටියේ 'බිඳුණු තල් රුක' කෘතිය රාජිනී තිරාණගම ඝාතනයට මුල් වූ බවයි.
එහෙයින් LTTE විසින් රාජිනීව වෙඩි තබා ඝාතනය කළ ද ඇය පැතු ලෝකය ගොඩ නගන්නට තමා දිවි ඇති තෙක් ක්‍රියා කරන බව දයාපාල තිරාණගම පවසයි.
රාජිනී තිරාණගමගේ 25 වන අනුස්මරණය නිමිත්තෙන් මීට පෙර විකාශය වූ බීබීසී සංදේශය වැඩසටහනට ඔබට පහත සබැඳිය ඔස්සේ සවන් දිය හැකියි.

