ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු යැවීම හමුවේ පකිස්ථානයට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු යැවීම හමුවේ පකිස්ථානයට වාර්තාගත ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක වාර්තාගත ජයක් ලැබීමට පකිස්ථානය අද ( ඔක් 10 වෙනිදා) සමත් විය.

ඒ, මෙතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර කරගනිමින්ය.

මෙම තරගය පැවැත්වුනේ හයිද්‍රාබාද් හි පිහිටි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දීය.

කුසල් වෙනුවට කුසල්

අද තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කෙසේ වුවද අද තරගයේ දී කුසල් ජනිත් පෙරේරා ලකුණු ලබා ගැනීමට පෙර හසන් අලීගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 1 යි පන්දු 5 කට ලකුණු 5ක් ලෙසයි.

කුසල් ජනිත් පෙරේරාගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට උත්සහ කළේ දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 102ක සම්බන්ධතාවයක් එක් කරමිනි.

කුසල් මෙන්ඩිස් ගේ ඉනිමට හයේ පහරවල් 06ක් සහ හතරේ පහරවල් 14ක් ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුසල් මෙන්ඩිස් ගේ ඉනිමට හයේ පහරවල් 06ක් සහ හතරේ පහරවල් 14ක් ඇතුළත් විය.

අවස්ථාවෙන් ලද ප්‍රයෝජනය

ලකුණු 11ක් ලබාගෙන සිටියදී ෂහින් අෆ්රිඩි යවන ලද පන්දුවකට පැතුම් නිස්සංක ලබා දුන් උඩ පන්දුවක් ඉමාම් උල් හක් අතින් ගිලිහි ගියේය.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් පැතුම් නිස්සංක සිය එක්දින තරග දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දු වාරයේදී ලකුණු 51ක් රැස් කර ගෙන සිටියදී පැතුම් නිස්සංක ෂඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඒ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු දෙකකට ලකුණු 107ක් ලෙසය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කළ සධීර සමරවික්‍රම සිය එක්දින තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කළ සධීර සමරවික්‍රම සිය එක්දින තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් විය.

කලකට අමතක නොවන කුසල්ගේ ඉනිම

පැතුම් නිස්සංක දැවී යෑමෙන් පසු වගකීම කරමතට ගත් කුසල් මෙන්ඩිස් පකිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ආක්‍රමණශීලි පිතිහරඹයක නිරත විය.

ෂහින් අෆ්රිඩි යවන ලද එක් පන්දු වාරයකදී පිට පිට හතරේ පහරවල් තුනක් එල්ල කළ කුසල් මෙන්ඩිස් පකිස්ථාන පන්දු යවන්නන්ට සිය රිද්මය පවත්වාගෙන යාමට කිසිදු ඉඩක් ලබා නොදෙන ආකාරයක් දක්නට ලැබුණි.

පන්දු 64 කදී ලකුණු 94ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ඊළඟ පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් සිය එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය.

එම ශතකය ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

කුසල් මෙන්ඩිස් පන්දු 77 කදී ලකුණු 122ක් රැස් කරගෙන සිටියදී හසන් අලීගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 28 යි පන්දු 5 කදී ලකුණු 218ක් ලෙසයි.

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 11 ක සම්බන්ධතාවයක් පවත්වන ලදී.

කුසල් මෙන්ඩිස් ගේ ඉනිමට හයේ පහරවල් 06ක් සහ හතරේ පහරවල් 14ක් ඇතුලත් වූ අතර, ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සුර්ය කුමාර් යාදෙව් සිය X ගිණුම හරහා කුසල් මෙන්ඩිස් ගේ ඉනිම ගැන මෙසේ සටහනක් පළකර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි චරිත් අසලංක අද තරගයේදී එක් ලකුණකට දැවී ගියේය.

සධීර සහ ධනංජයගේ සබඳතාවය

31ක් වන පන්දු වාරයේදී චරිත් අසලංකගේ දැවී යෑමෙන් පසු පිටියට එක්වූ ධනංජය ද සිල්වා සහ සදිර සමරවික්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට කටයුතු කළහ.

ධනංජය ද සිල්වා පන්දු 34 කට ලකුණු 25ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 3ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ලකුණු 65ක් එක් කිරීමට සමත් වූහ.

ධනංජය සිල්වාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි නායක දසුන් ශානක සහ සධීර සමරවික්‍රම 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක් එක් කළහ.

කෙසේ වුවද දසුන් ශානක අද තරගයේ දී ලකුණු 12 කට දැවී ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 46 යි පන්දු 3 කට ලකුණු 324ක් ලෙසයි.

සදීරගේ සටන්කාමී ඉනිම

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කළ සධීර සමරවික්‍රම සිය එක්දින තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඔහු පන්දු 89 කට ලකුණු 108ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 11ක් ඇතුළත් විය.

තරගයේ අවසන් පන්දු වාර 10 තුල දී පකිස්ථාන පන්දු යවන්නන් ලකුණු 61කට කඩුලු 05ක් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 344ක් රැස් කරන ලදී.

පන්දු යැවීමේදී හසන් අලී ලකුණු 71 කට කඩුලු 4ක් සහ හැරිස් රාවුෆ් ලකුණු 64 කට කඩුලු දෙකක් දවා ගනු ලැබූහ.

හඹා යාමේදී සිදුවුයේ කුමක්ද ?

ලකුණු 345 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි පකිස්ථාන පිතිකරුවන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 37ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඩිල්ශාන් මධුෂංක විසින් ඉමාම් උල් හක් ලකුණු 12 කට සහ බාබර් අසාම් ලකුණු 10 කට දවා ගැනීමට සමත් විය.

ඉන් පසු පිටියට එක්වූ මොහොමඩ් රිස්වාන් සහ අබ්දුල්ලා ශෆික් ක්‍රමයෙන් පකිස්ථාන ඉනිම ගොඩ නැගීමට කටයුතු කළහ.

අබ්දුල්ලා ශෆික් පන්දු 103 කදී ලකුණු 113ක් රැස් කරගෙන සිටියදී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දැඩි ගියේ දුෂාන් හේමන්ත විසින් රැක ගත් දර්ශනීය උඩ පන්දුවක් හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අබ්දුල්ලා ශෆික් පන්දු 103 කදී ලකුණු 113ක් රැස් කරගෙන සිටියදී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දැඩි ගියේ දුෂාන් හේමන්ත විසින් රැක ගත් දර්ශනීය උඩ පන්දුවක් හේතුවෙනි.

අබ්දුල්ලා ශෆික්ගේ සුපිරි ඉනිම

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් ගෙන දුන් මොහොමඩ් රිස්වාන් සහ අබ්දුල්ලා ශෆික් පකිස්ථාන කණ්ඩායමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 176ක් එක් කිරීමට සමත් වූහ.

අබ්දුල්ලා ශෆික් පන්දු 103 කදී ලකුණු 113ක් රැස් කරගෙන සිටියදී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දැඩි ගියේ දුෂාන් හේමන්ත රැක ගත් දර්ශනීය උඩ පන්දුවක් හේතුවෙනි.

ශෆික්ගේ දැවී යාමෙන් පිටියට පිවිසි සාවුඩ් ශකිල් සමග එක්වූ මොහොමඩ් රිස්වාන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක් එකතු කිරීමට සමත් විය.

තරගයේ 45 වන පන්දු වාරයේ දී මහිෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ සාවුඩ් ශකිල් ලකුණු 31 කට දැවී යන විට පකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 308 කට කඩුලු 04ක් ලෙසයි.

පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ඒමට සමත් වූ මොහොමඩ් රිස්වාන් පන්දු 121 කදී නොදැවී ලකුණු 131ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ඒමට සමත් වූ මොහොමඩ් රිස්වාන් පන්දු 121 කදී නොදැවී ලකුණු 131ක් රැස් කිරීමට සමත් විය.

දුර්වල පන්දු යැවීම

අද තරගයේදී ඩිල්ශාන් මධුෂංක හැර වෙනත් කිසිදු ලාංකික පන්දුයවන්නෙකුට පකිස්තාන පිතිකරුවන්ට අභියෝගයක් වීමට නොහැකි විය.

අද තරගයේදී ඩිල්ශාන් මධුෂංක හැර වෙනත් කිසිදු ලාංකික පන්දුයවන්නෙකුට පකිස්තාන පිතිකරුවන්ට අභියෝගයක් වීමට නොහැකි විය.

විශේෂයෙන් මතීෂ පතිරණ සිය පන්දු වාර 9 තුළදී ලකුණු 90ක් ලබා දීම විශේෂ සිදුවීමක් විය.

රිස්වාන් සහ මොහොමඩ් ශෆික්ගේ ශතකයන් සමග පකිස්ථානය පන්දු වාර 48 යි පන්දු 2 කදී ලකුණු 345ක් රැස් කරමින් සිය ඉලක්කයට ළඟාවීමට සමත් වුයේ වසර 48ක් පැරණි ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි.

අද තරගයේදී ඩිල්ශාන් මධුෂංක හැර වෙනත් කිසිදු ලාංකික පන්දුයවන්නෙකුට පකිස්තාන පිතිකරුවන්ට අභියෝගයක් වීමට නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අද තරගයේදී ඩිල්ශාන් මධුෂංක හැර වෙනත් කිසිදු ලාංකික පන්දුයවන්නෙකුට පකිස්තාන පිතිකරුවන්ට අභියෝගයක් වීමට නොහැකි විය.

කුසල් මෙන්ඩිස් රෝහලට

පකිස්ථානයට එරෙහි අද පැවති තරගයේදී ලකුණු 122ක් රැස් කළ කුසල් මෙන්ඩිස් හට ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණි.