ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මියගිය මවකගේ කුසෙන් බිළිඳියක බේරා ගැනේ
ගාසා තීරයේ රෆා හි පිහිටි සිය නිවස ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඇගේ ජීවිතය අවසන් වීමට පෙර සබ්රීන් මාස හත හමාරක ගැබිනියක් වූවාය. ප්‍රහාරයෙන් ඇගේ ජීවිතය අහිමි වූ නමුත් කුස තුළ සිටි ඇගේ බිළිඳියගේ ජීවිතයට අනතුරක් නොවීය.
සහන සේවකයින් එම ස්ථානයට ළඟා වන විටත් බිළිඳිය සබ්රීන්ගේ ගර්භාෂය තුළ නිරුපද්‍රිතව සිටි අතර, ඔවුන් සබ්රීන්ව රෝහලට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු විසින් දරුවා ප්‍රසූත කරනු ලැබීය.
උපතේදී පැවති කම්පන තත්ත්වය නොතකා, බිළිඳිය දිවි ගලවා ගත් අතර, ඇගේ පවුල දැරියගේ අනාගතය සහ ඇගේ උපන් මොහොතේ ඛේදජනක තත්ත්වය ගැන බීබීසීය සමග අදහස් දැක්වීය.