උමා කුමාරන්: ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව බ්‍රිතාන්‍ය පාලක කම්කරු පක්ෂ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ද?
උමා කුමාරන්: ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව බ්‍රිතාන්‍ය පාලක කම්කරු පක්ෂ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ද?
උමා කුමරන් යනු, ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු කාන්තාව යි.
ඇය, 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර සරණාගතයින් ලෙස රට හැර යාමට සිදුවූ දෙමළ ජාතික යුවළකගේ දියණියකි.
බීබීසී පුවත් සේවයේ ජෙයප්‍රකාශ් නල්ලුසාමි ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.
ඇය එහිදී පැවසුවේ, "ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී වසර 15ක් වැනි දීර්ඝ කාලයක් ගෙවී ඇතත්, දෙමළ ජනතාවට මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති," බව ත්, කම්කරු පක්ෂ රජය යටතේ තමන් ඇතුළු කණ්ඩායම ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ලබා දෙන බව ය.









