මහකනදරාවේ 'අලි වලියට' හේතුව කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, දින කිහිපයක සිට එම අලි සටන් වදින බව ප්‍රදේශවාසීහු පැවසුහ.
මහකනදරාවේ 'අලි වලියට' හේතුව කුමක් ද?

මිහින්තලය, මහකනදරාව වැව් පිටියේදී අලින් දෙදෙනෙකු සටන් වදින ආකාරය දක්නට ලැබිණි.

දින කිහිපයක සිට එම අලි සටන සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

ගැහැනු සතුන් සොයා වැඩිහිටි පිරිමි අලි රංචුව සමග එක්වීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි අවස්ථාවක තවත් අලියෙකු පැමිණි විට මෙවැනි ගැටුම් ඇති වන බව අලි පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු BBC සිංහල සේවයට කියා සිටියේය.