සියෙරා ලියොන් : වැසුණු දොරවල් පසුපස සිදුවන්නේ කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, සියෙරා ලියොන් රාජ්‍යයේ වසරක් තුළ ලිංගික දූෂණ සිද්ධි දෙගුණයක් විය.
සියෙරා ලියොන් : වැසුණු දොරවල් පසුපස සිදුවන්නේ කුමක් ද?

ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර වසර පහකට පසුවත්, සියෙරා ලියොන් රාජ්‍යය තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ කම්පනය සමග පොරබදමින් සිටී.

2019 වසරේදී, වාර්තා වූ ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩ සිද්ධීන් දෙගුණ වීමෙන් පසුව, ගැටලුව විසඳීම සඳහා පොලිස් ඒකක නිර්මාණය කිරීම සහ දරුවෙකු දූෂණය කිරීමේ වරදට වරදකරුවන් වූවන් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම ඇතුළුව සියෙරා ලියොන් ජනාධිපතිවරයා රට තුළ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

වසර පහකට පසු, Africa Eye වාර්තාකරු ටයිසන් කොන්ටේ සියෙරා ලියොන් හරහා සංචාරයක නිරත වන්නේ, ආණ්ඩුව තම පොරොන්දු ඉටු කර තිබේ ද යන්න විමසා බැලීමටය.

නීතිය ක්‍රියාත්මක කිරීම, අධිකරණ පද්ධතිය, දණ්ඩන සේවය සහ උවදුරුවලින් බේරුණු පුද්ගලයින් වෙත පෙර නොවූ විරූ ප්‍රවේශයක් හරහා, ටයිසන් කොන්ටේගේ විමර්ශනය තුළින් විමසන්නේ, ස්ථිර රජයේ ක්‍රියාමාර්ගයක් පොරොන්දු වීමෙන් වසර පහකට පසුව, සියෙරා ලියොන්හි කාන්තාවන් තවමත් කනස්සල්ලට පත්වන ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේ මන්දැයි යන්නය.