ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි
බංගලාදේශ පාර්ලිමේන්තුව අඟහරුවාදා විසුරුවා හරින ලදී - ශිෂ්‍ය විරෝධතා නායකයින්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ අද පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය.
හමුදාව ප්‍රමුඛ රජයක් පිළි නොගන්නා බව බංගලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් කියයි
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
බංගලාදේශ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බව ය. එහෙත් ඔහු ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බව ය.
අද පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් එරට ජනපතිගෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් අවධාරණය කර සිටියේ, එසේ නොවුණ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.
මේ අතර, ෂෙයික් හසීනාගේ පුත්‍රයා බීබීසීයට ප්‍රකාශ කළේ, තම මව නැවත දේශපාලනයට පැමිණීමක් සිදු නොවනු ඇති බව ය, "සියලු වෙහෙස මහන්සියෙන් පසු සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇයට කලකිරුණා" යැයි ඔහු පැවසීය.
බංගලාදේශ ගුවන් හමුදා යානය ඉන්දීය ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව යයි
බංගලාදේශ ගුවන් හමුදාවට අයත් ගුවන් යානය ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරකින් ගුවන් ගත වී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI වාර්තා කරයි.
නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වන වාර්තාවට අනුව, C-130J ගුවන් යානය දේශීය වේලාවෙන් 0900ට (GMT 0330) ගුවන් කඳවුරෙන් පිටත්වූ බවය.
පසුව ඔවුන් කියා සිටියේ හසීනා ගුවන් යානයේ සිටි බවට විශ්වාස නොකරන බවයි.
මෙම යානය සඳුදා සවස ෂෙයික් හසීනා රැගෙන උතුරු ඉන්දියාවේ ගාසියාබාද් වෙත පියාසර කර ඇත.
ෂෙයික් හසීනාගේ නිවසින් මිනිසුන් කොල්ල කෑ දේ
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් ගණනක් ජනතාව ඩකා අගනුවර පිහිටි ඇගේ මන්දිරය කොල්ල කෑහ.
මන්දිරයට ඇතුළු වූ පිරිස ලීබඩු උපකරණ රැගෙන යන ආකාරය මෙන්ම එහි තිබූ විවිධ භාණ්ඩ සමඟ විනෝද වනු අයුරු දැක ගන්නට ලැබුණි.
ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දැමේ
බංගලාදේශයේ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ ආයතනය නිවේදනය කර ඇත්තේ සියලුම ඇඟලුම් කම්හල් අඟහරුවාදා වසා තබන ලෙසට ඉල්ලා ඇති බව ය.
උග්‍රවන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ එරට ඇඟලුම් කම්හල් දින නියමයක් නොමැතිව වසා දමා ඇත. ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ ඒවා නැවත විවෘත කිරීම පිළිබඳ මීළඟ තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බවයි.
බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි
සිය ගණනකට මරු කැඳවූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී බංගලාදේශයෙන් පළා ගොස් තිබේ.
හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොඩ බැස ඇති බව වාර්තා වන අතර ඇය අනතුරුව ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන කරයි. නමුත් මෙය මෙතෙක් තහවුරු වී නොමැත.
ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දහවල් වාර්තා විය.
ඩකාහි පිහිටි හසීනාගේ නිල නිවසට විශාල ජනකායක් කඩා වැදුණු අතර අගනුවර කොල්ලකෑම් සහ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.
බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත.
මේවන විට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
පොලිසිය පැවසුවේ, සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.
සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය මාසයේදී ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.
බංගලාදේශ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද විශාල මර්දනය හේතුවෙන් විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
මෙම විරෝධතා ව්‍යාපාරය පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ දා සිට මේ වන විට මියගිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 280 ඉක්මවයි.
පොලිසිය සහ පාලක පක්ෂයේ ආධාරකරුවන් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට ජීව උණ්ඩවලින් වෙඩි තබනු දැක ගත හැකි විය. පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ද භාවිත කළේ ය.
ජූලි මාසයේදී විරෝධතා ව්‍යාපාරය ආරම්භයේ සිට මේ දක්වා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 270 ඉක්මවා තිබේ.
පස්වරු 6.00 සිට රාත්‍රී කාලයේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
නීතිය සහ අධිකරණ කටයුතු අමාත්‍ය අනිසුල් හක් ඉරිදා බීබීසී නිව්ස් අවර් වැඩසටහනට පැවසුවේ, බලධාරීන් "සංයමයකින්" ක්‍රියා කරන බව ය.
"අපි සංයමයකින් ක්‍රියා නොකළා නම් මෙතන ලේ විලක් වෙන්න ඉඩ තිබුණා. මම හිතන්නේ, අපේ ඉවසීමටත් සීමාවක් තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
ඩකා අගනුවර, ජංගම උපාංග හරහා ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වීම අත්හිටුවා තිබේ.
4G සහ 3Gවලින් තොරව ජනතාවට ඔවුන්ගේ ජංගම උපාංගවල ඉන්ටර්නෙට් භාවිතයෙන් සන්නිවේදනය කළ නොහැක. ඉන්ටර්නෙට් සේවා යථා තත්ත්වයට පත්වන්නේ කවදා දැයි සඳහන් කර නැත.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක වන බෝග්‍රා, පබ්නා සහ රංග්පූර් ඇතුළු රට පුරා පිහිටි ප්‍රදේශවලින් මරණ හා තුවාලකරුවන් වාර්තා වී ඇත.
ඩකාහි ප්‍රධාන චතුරස්‍රයක දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්ව සිටි අතර නගරයේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වී තිබේ.ty.
"මුළු නගරය ම යුද්ධ පිටියක් බවට පත්වෙලා තියෙන්නේ," නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි පොලිස් නිලධාරියෙක්, AFP පුවත් ඒජන්සියට පැවසීය. ඔහු පැවසුවේ, විරෝධතාකරුවන් දහස් ගණනක් රෝහලක පිටත නවතා තිබූ මෝටර් රථ සහ යතුරු පැදිවලට ගිනි තබා ඇති බව ය.
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරත කණ්ඩායමක් වන, වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයෝ සංවිධානය පැවසුවේ, ඉරිදා දිනයේ සිට රජයේ අණ නොපිළිපදින ව්‍යාපාරයක් රට පුරා ආරම්භ කරන බව ය.
ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, බදු හෝ උපයෝගිතා බිල් පත් නොගෙවන ලෙස ය.
සියලු කර්මාන්ත ශාලා සහ පොදු ප්‍රවාහන සේවාවන් වසා දමන ලෙස ද ශිෂ්‍යයින් දැනුම් දී තිබේ.
පසුගිය සති දෙක තුළ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද විශාල මර්දනයේදී පුද්ගලයන් 10,000ක් පමණ රඳවාගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර විපක්ෂ ආධාරකරුවෝ සහ සිසුහු ද වෙති.
දෙපාර්ශවයට ම එළඹෙන දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි පෙනෙන්නට තිබේ.
ප්‍රධාන විපක්ෂය විසින් වර්ජනය කරන ලද ජනවාරි මාසයේ පැවති මැතිවරණයෙන් අඛණ්ඩව සිව් වන වරටත් තේරී පත් වූ හසීනාට මෙම විරෝධතා දැවැන්ත අභියෝගයක් එල්ල කරයි.
1971 වසරේදී පකිස්ථානය සමග පැවති බංගලාදේශ නිදහස් යුද්ධයේ විරුවන්ගේ ඥාතීන්ට සිවිල් සේවා රැකියාවලින් විශාල කොටසක් වෙන් කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ පසුගිය මාසයේ වීදි බැස සිටියහ.
ආණ්ඩුවේ තීන්දුවකින් පසු කෝටාවෙන් විශාල ප්‍රමාණයක් දැන් ආණ්ඩුව විසින් අඩු කරනු ලැබ ඇතත්, සිසුන් විරෝධතාවලදී මිය ගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉල්ලා අඛණ්ඩව විරෝධතාවල නිරත වී තිබිණි. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ, හසීනා ඉල්ලා අස්වීම ය.
හසීනාගේ ආධාරකරුවන් ඇයගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අවශ්‍ය බව පවසමින්, මීට පෙර ෂෙයික් හසීනා ශිෂ්‍ය නායකයින් සමග කොන්දේසි විරහිත සාකච්ඡාවක් ලබා දුන්නා ය.
"මට අවශ්‍ය උද්ඝෝෂණ කරන සිසුන් සමග වාඩි වී ඔවුන්ට සවන් දීමට යි. මට ගැටුමක් අවශ්‍ය නැහැ," ඇය පැවසුවා ය.
එහෙත්, ශිෂ්‍ය විරෝධතාකරුවන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
විරෝධතා අතරතුර පොලිස් ස්ථාන සහ රාජ්‍ය ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීමෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කිරීමට හසීනා, පසුගිය මාසයේ හමුදාව කැඳවූවා ය.
ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීම සඳහා බංග්ලාදේශ යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් වකර්-උස්-සමාන් ඩකා නගරයේදී කනිෂ්ඨ නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වීය.
අන්තර් සේවා මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, "බංගලාදේශ හමුදාව සැමවිට ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ජනතාවගේ යහපත සහ රාජ්‍යයේ ඕනෑ ම අවශ්‍යතාවක් සඳහා එය අඛණ්ඩව කරගෙන යනු ඇත," යනුවෙන් ජෙනරාල් සමාන් පැවසීය.
බංගලාදේශ මාධ්‍ය පවසන්නේ, පසුගිය මාසයේ පැවති විරෝධතාවලදී මිය ගිය බොහෝ දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවන් බව ය. දහස් ගණනක් තුවාල ලැබූහ.
රජය තර්ක කරන්නේ, ආත්මාරක්ෂාව සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම සඳහා පමණක් පොලිසිය වෙඩි තැබීම් සිදු කළ බව ය.