පොලීසියට භාර වූ 102ක් යළි කන්දකාඩු කඳවුරට යෑම ප්‍රතික්ෂේප කරති

වීඩියෝ ශීර්ෂ වැකිය, පළා ගිය තවත් 36 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
පොලීසියට භාර වූ 102ක් යළි කන්දකාඩු කඳවුරට යෑම ප්‍රතික්ෂේප කරති

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පළා ගිය රැඳවියන් 102ක් අද (දෙසැම්බර් 12) පෙරවරුව වනවිට යළි සිය භාරයට ගත් බව ආරක්ෂක අංශ පවසයි.

පළා ගිය තවත් 36 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ආහාර සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන එම රැඳවියෝ ඊයේ කඳවුරෙන් පළා ගියහ.

හමුදාව යටතේ ක්‍රියාත්මක කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යළි යෑම පොලීසියට භාර වූ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති.

කන්දකාඩු කඳවුරේ සිටි රැඳවියෙකු මිය යෑමේ සිදුවීමක් 2022 වාර්තා වූ අතර රැඳවියන් පළා යෑමේ සිදුවීම් මිට පෙර ද වාර්තා විය.