ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"End BB's War": ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලසුම්වලට එරෙහිව දැඩි විරෝධතා
ගාසා නගරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායලයේ සැලැස්ම ගාසාහි තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල දැඩි හෙළා දැකීමට ලක්ව ඇත. විරෝධතාකරුවන් ටෙල් අවිව්හි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි වෙරළ තීරයකට රැස්වූ අතර, ඔවුන් ට්‍රම්ප්ගේ මුහුණේ රුවක් ඇඳ, එහි "End BB's War" ලෙස ලියා තිබිණි. BB යනු ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නේතන්යාහු හඳුන්වන අන්වර්ථ නාමයකි.
මීට පෙර, ආරක්ෂක කැබිනට් මණ්ඩලය සැලසුම් සාකච්ඡා කරන අතරතුර, ටෙල් අවිව් සහ ජෙරුසලමේ අගමැති නෙතන්යාහුගේ කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා පැවැත්විණි. ඊශ්‍රායලය විසින් පුළුල් කරන ලද හමුදා මෙහෙයුම්වලින් පලස්තීන සිවිල් වැසියන්ට සහ ප්‍රාණ ඇපකරුවන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.