පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන: ළමා කාලය, යුද්ධ ශාස්ත්‍රය හැදෑරීම සහ අප්‍රකට ජීවිත කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, "මම සරල ජීවිතකයට පුරුදු වුණේ ඉක්මනට ජීවිතය දාලා යන්න වුණොත් ඒකට පහසුවක් වෙන්නයි"
පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන: ළමා කාලය, යුද්ධ ශාස්ත්‍රය හැදෑරීම සහ අප්‍රකට ජීවිත කතාව
Published

පරිසර නීතිඥයෙකු ලෙස ප්‍රකට ආචාර්ය ජගත් ගුණවර්ධනගේ ජීවිත කතාව තුළ යුද්ධ ශාස්ත්‍රය හැදෑරීම වැනි අප්‍රකට කතා බොහොමයක් තිබේ.

නීති ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව කළ සටනේදී ඔහු ඉතා අසීරුවෙන් දිවි බේරා ගත්තේ ය. එමෙන් ම උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යාමට හිමි වූ අවස්ථාවක් ද ප්‍රතික්ෂේප කළේ ය.

2009 වසරේදී වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනත සහ වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය, ජාතික පාරිසරික පනතේ යෝජිත සංශෝධනය, ජෛව සුරක්ෂිතතා පනතේ කෙටුම්පත සම්පාදනය සහ ආගන්තුක ආක්‍රමණශීලී ජීවින් පිළිබඳ පනත කෙටුම්පත් කිරීම සඳහා ඔහු ප්‍රමුඛ කාර්යයක් ඉටු කළේ ය.

ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන හරිතාභිමානී සම්මානයෙන් පිදුම් ලද ජගත් ගුණවර්ධන පරිසර සංරක්ෂණයට ලබා දුන් මෙහෙවර අගය කරමින් ඔහුගේ නමින් ජීව විශේෂ දෙකක් නම් කර ඇත.

ඔහු පරිසරය වෙනුවෙන් කළ සේවය අගයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඔහුට ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.