'දැන් ටුවරිස්ට් බස් නවත්තන්නේ කජු ගන්න නෙමෙයි. වොෂ් රූම් යන්න.'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ඇත්තටම කජුගම කජු නැහැ. අපි ගෙනත් තමයි විකුනන්නේ.''
'දැන් ටුවරිස්ට් බස් නවත්තන්නේ කජු ගන්න නෙමෙයි. වොෂ් රූම් යන්න.'

කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන විට කජුගම දී සිනහමුසු මුහුණින් වාහනවලට අත වනන කාන්තාවෝ දක්නට ලැබෙති.

සුන්දර සිනහවකින් මුව සරසා ගෙන සිටිය ද ජීවන අරගලයට මුහුණ දීම ඉතා අසීරු බව කජුගම, එක්සිත් කජු ලියන්ගේ සංගමයේ සභාපතිනි නාලිකා අත්තනායක BBC සිංහල සේවයට පැවසුවා ය.

''ඉස්සර ටුවරිස්ට් බස් නවත් වන්නේ කජු ගන්නයි තැඹිලි බොන්නයි. දැන් නවත්තන්නේ වොෂ් රූම් යන්න. මට හිතෙනවා වොෂ් රූම් ටිකක් දාගත්තා නම් අදායමක් ගන්න පුළුවන් වෙයි කියලා.'' යනුවෙන් නාලිකා අත්තනායක පවසන්නීය.