ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොලීසිය බලහත්කාරයෙන් අයිස් දමා තරුණයෙකු රිමාන්ඩ් කළ බවට ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන ඇරඹේ
පොලීසිය බලහත්කාරයෙන් අයිස් දමා තරුණයෙකු රිමාන්ඩ් කළ බවට ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන ඇරඹේ
අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් කිතුල්ගල පොලීසිය විසින් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවට අද (මැයි 15) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ.
පොලීසිය තුළ දී පටිගත කළ බව කියන හඬ පටයක් ද එම තරුණයාගේ බිරිඳ විසින් පොලිස් කොමිසමට සහ සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාර දී තිබේ.
පොලිස් නිලධාරීන් තර්ජනය කරන ආකාරය එහි ඇතුලත්වෙන බව ඇය පැවසුවාය.
ගංජා අලෙවි කිරීම නිසා අදාළ තරුණයා සහ ඇගේ නැන්දනිය මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. නමුත් දැන් තම පවුල යහපත්ව ජීවත් වීමට උත්සාහ කළ ද පොලීසිය ඊට ඉඩ ලබා නොදෙන බවට අහිංසා සඳමාලි පවසන්නීය.
මේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වීමට උපදෙස් දුන් බව සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මවර්ධන BBC සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.