ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිංහරාජයේ අක්කර 5000ක් කැපූ සිරිමාවෝ ආණ්ඩුවේ තීරණයට එරෙහිව සටන් කළ විදේශිකයා
සිංහරාජයේ අක්කර 5000ක් කැපූ සිරිමාවෝ ආණ්ඩුවේ තීරණයට එරෙහිව සටන් කළ විදේශිකයා
ශ්‍රී ලංකාවේ දැව අවශතාව සඳහා සිංහරාජ වනය කැපීම 1972 සිට 1977 දක්වා සිදු විය.
සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ගනු ලැබූ එම තීරණය නිසා විනාශ වූ වනාන්තර භූමි ප්‍රමාණය අක්කර 5000ක් පමණ වූ බවට ගණන් බලා තිබුණ ද ඉන් පරිසරයට සිදු වූ හානිය අදටත් තක්සේරු කර නොමැත.
එහෙත් විශේෂ ම කාරණය නම් සිංහරාජය බේරා ගැනීමේ සටනට නායකත්වය දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සේවය සඳහා පැමිණි ස්විස් ජාතිකයෙකු වූ තිලෝ හොෆ්මන් විසින් වීමයි.