ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු තෝමස් මැතිව් කෘක්ස් ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා තෝමස් මැතිව් කෘක්ස් ලෙස ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, CBS News

මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා තෝමස් මැතිව් කෘක්ස් ලෙස ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් නම් කරනු ලැබ තිබේ.

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙන්සිල්වේනියාවේ බට්ලර්හි ජනකායක් අමතමින් සිටියදී ප්‍රේක්ෂකාගාරයේ සිටි එක් අයෙකුට මරු කැඳවමින් සහ තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් වෙඩි තැබූ බවට කෘක්ස් වෙත චෝදනා එල්ල වේ.

20 හැවිරිදි ඔහු රහස් ඔත්තු සේවයේ ස්නයිපර් ප්‍රහාරයකින් එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බවට නිලධාරීහු පවසති.

නිවේදනයක් නිකුත් කරමින් එෆ්බීඅයි කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා ඝාතන තැතට "සම්බන්ධ වූ තැනැත්තා" කෘක්ස් බව ත් සිද්ධිය පිළිබඳව සක්‍රීය පරීක්ෂණයක් පැවැත්වෙන බව ත් ය.

ඔහු සතුව හැඳුනුම්පතක් නොතිබුණු බැවින් විමර්ශන නිලධාරීන් ඔහු හඳුනා ගැනීම සඳහා ඩීඑන්ඒ භාවිත කළ බව එෆ්බීඅයි පවසයි.

ඔහු ඝාතන තැත සිදු වූ ස්ථානය වන බට්ලර් සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටා ඇති පෙන්සිල්වේනියාවේ බෙතල් පාර්ක්හි පදිංචිකරුවෙකු වන අතර පිට්ස්බර්ග් ට්‍රිබියුන්-රිවීව් පුවත්පතට අනුව, ඔහු 2022දී බෙතල් පාර්ක් උසස් පාසලෙන් උපාධිය ලබා ඇති බව පෙනී යයි.

එක්සත් ජනපද මාධ්‍යවලට අනුව, කෘක්ස් ලියාපදිංචි රිපබ්ලිකානුවෙකු බව රාජ්‍ය ඡන්ද දායක වාර්තා පෙන්වා දෙයි.

ඔහු 2021දී ActBlue නම් ලිබරල් ප්‍රචාරක කණ්ඩායමට ඩොලර් 15ක් පරිත්‍යාග කර ඇති බවට ද වාර්තා වේ.

ඔහුගේ චේතනාව වූයේ කුමක් ද?

ඔහුගේ චේතනාව සහ වෙනත් අය ඊට සම්බන්ධ ද යන්න පිළිබඳව ආයතන විමර්ශනය කරමින් සිටියි.

සෙනසුරාදා රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පිට්ස්බර්ග් භාර විශේෂ නියෝජිත කෙවින් රොජෙක් පැවසුවේ, "අප දැනට චේතනාව කුමක් ද කියලා හඳුනා ගෙන නැහැ," යනුවෙනි.

සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට මාස ගණනාවක් ගත විය හැකි අතර, කෘක්ස්ගේ චේතනාව කුමක්දැයි හඳුනා ගැනීමට විමර්ශකයින් "වෙහෙස මහන්සි වී" කටයුතු කරනු ඇතැයි රොජෙක් පැවසීය.

සීඑන්එන් වෙත අදහස් දක්වමින්, කෘක්ස්ගේ පියා, මැතිව් කෘක්ස් කියා සිටියේ, ඔහු "සිද්ධ වෙන්නේ මොකක් ද කියලා" තේරුම් ගැනීමට උත්සහ කරන නමුත් තම පුතා ගැන කතා කිරීමට ප්‍රථම "ඉන්න මම පොලිස් නිලධාරීන් එක්ක කතා කරනකම්," යනුවෙනි.

වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. වින්දිතයින් තිදෙනා ම වැඩිහිටි පිරිමින් වන අතර ඔවුන් ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයින් බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඔහු තවත් අය අනතුරට පත් කළේ ද?

වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. වින්දිතයින් තිදෙනා ම වැඩිහිටි පිරිමින් වන අතර ඔවුන් ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයින් බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, TMZ

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයක් වන TMZ විසින් ලබා ගත් වීඩියෝවක තුවක්කුකරු වහලක් මත සිට වෙඩි තබන ආකාරය පෙන්නුම් කරයි

වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. වින්දිතයින් තිදෙනා ම වැඩිහිටි පිරිමින් වන අතර ඔවුන් ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයින් බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් කියා සිටියේ, "වෙඩි උණ්ඩයක් මගේ දකුණු කනේ ඉහළ කොටස පසාරු කර ගෙන ගියා," යනුවෙනි.

"සීස් ගාගෙන යන සද්දේ එක්ක මට එක පාරට තේරුණා මොකක් හරි වැරදිලා කියලා. ඒත් එක්ක ම මට දැනුණා උණ්ඩයක් මගේ හම පසාරු කරගෙන යනවා," ට්‍රම්ප් ලිවී ය. "ලේ ගොඩක් ගියා. ඒකත් එක්ක මට තේරුණා මොකක් ද වෙන්නේ කියලා."

ආරක්ෂක නිලධාරීන් ට්‍රම්ප් ඉවතට ගෙන යන මොහොතේ ඔහුගේ කනේ සහ මුහුණේ රුධිරය තැවරී ඇති බවට පැහැදිලිව දැකගත හැකි විය.

රිපබ්ලිකන් ජාතික කමිටුවේ (RNC) වෙබ් අඩවියේ පළ කරන ලද ප්‍රකාශයක, ට්‍රම්ප් "හොඳින්" සිටින අතර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කෘතඥ වන බව සඳහන් කර තිබිණි.

ආරක්ෂක නිලධාරීන් ට්‍රම්ප් ඉවතට ගෙන යන මොහොතේ ඔහුගේ කනේ සහ මුහුණේ රුධිරය තැවරී ඇති බවට පැහැදිලිව දැකගත හැකි විය.

සැකකාර තුවක්කුකරු සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොපමණ දුරකින් ද?

එක් සාක්ෂිකරුවෙක් බීබීසීයට පැවසුවේ, ට්‍රම්ප්ට වෙඩි තැබීමට පෙර ඔහු ගොඩනැගිල්ලක වහලය මත රයිෆලයක් තබාගෙන සිටි කෘක්ස් යැයි විශ්වාස කරන මිනිසෙකු දුටු බව ය.

බීබීසී වෙරිෆයි දර්ශන විශ්ලේෂණය කළ අතර තුවක්කුකරු හිටපු ජනාධිපතිවරයාට මීටර් 200කට අඩු දුරකින් තිබූ එක් මහලක් පමණක් ඇති ගබඩාවක් පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ලක මුදුනේ සිට වෙඩි තැබූ බව තහවුරු කළේ ය.

TMZ විසින් ලබා ගන්නා ලද වීඩියෝ දර්ශනවල වෙඩි තැබීම ආරම්භ වූ මොහොත පෙන්නුම් කරයි.

ප්‍රහාරකයා "AR-වර්ගයේ රයිෆලයකින් (AR-style rifle)" වෙඩි තැබූ බව බීබීසීහි එක්සත් ජනපද හවුල්කරු සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එෆ්බීඅයි පවසන්නේ, තුවක්කුකරු භාවිත කළේ, කුමන වර්ගයේ ගිනි අවියක් ද යන්න හෝ කොපමණ වෙඩි ගණනක් එල්ල කළේ ද යන්න එකවර තහවුරු කළ නොහැකි බව ය.

රහස් ඔත්තු සේවයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු පෙරළා වෙඩි තබා තුවක්කුකරු මරා දැමූ බව ඔවුහු පවසති.

දර්ශනවල පසුව සටහන් වී තිබුණේ, සන්නද්ධ නිලධාරීන් ගොඩනැගිල්ලේ වහලය මත ඇති මළ සිරුරක් වෙත ළඟා වන ආකාරය යි.