කණ්ඩි කඩා වැටීමේ පළමු ලක්ෂණය ඔබ දන්නවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර (ඔක්තෝම්බර් 11) සිදු වූ නාය යෑමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් හය දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීම නිසා රෝහල්ගත කර තිබේ.
කණ්ඩි කඩා වැටීමේ පළමු ලක්ෂණය ඔබ දන්නවා ද?

මේ දිනවල පවතින වර්ෂාවත් සමග නාය යෑම ගැන මෙන්ම කණ්ඩි කඩා වැටීම් ගැන ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ( NBRO) පවසයි.

''ගමේ භාෂාවෙන් කියනවා නම් ඔබේ නිවාස පිටුපස කණ්ඩියේ පස් තාච්ච් දෙක තුනක්, නැතිනම් පස් විල්බැරෝවක ප්‍රමාණය වැටිලා තියෙනවා නම් ඒ කියන්නනේ ඒ කණ්ඩියට ස්ථාවරව ඉන්න බෑ කියන පූර්ව ලක්ෂණය'' යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වරලත් භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක BBC සිංහල සේවයට පැවසුවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර (ඔක්තෝම්බර් 11වැනිදා) සිදු වූ නාය යෑමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් හය දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීම නිසා රෝහල්ගත කර තිබේ.

මාර්ග අවහිරතා ඉවත් කිරීම තවදුරත් සිදුවේ.