ධීවර කර්මාන්තය : 'කුඹුරු වලට මාළු ඇවිත්. සුනාමියට මිනී ගොඩ ගැහුවා වගේ.'
ධීවර කර්මාන්තය : 'කුඹුරු වලට මාළු ඇවිත්. සුනාමියට මිනී ගොඩ ගැහුවා වගේ.'
2024 ජනවාරි මාසයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ වාන් දැමීම නිසා මසුන් මෙට්‍රික් ටොන් හාර දහසකට වඩා ජලාශවලින් ඉවතට ගසාගෙන ගොස් ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු කර තිබේ.
සේනානායක සමුද්‍රයේ ධීවරයෙකු එය වාන් දැමීමට පෙර දිනකට මාළු කිලෝ ග්‍රෑම් සීයකට වැඩි අස්වැන්නක් ලබා ගත්ත ද දැන් එය කිලෝ ග්‍රෑම් අටකට පමණ අඩු වී ඇතැයි ධීවරයෝ පවසති.
මේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර ආහාර සඳහා අවශ්‍ය වියදම හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බව ධීවරයෝ BBC සිංහල සේවයට පැවසූහ.
කෙසේ වෙතත් ජලාශවල යළි මසුන් බෝ කිරීමට තවත් වසරක් පමණ ගත වනු ඇත.






