ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොර පරිසරක් බිහි කිරීමට කැප වන බව නව පොලිස්පති කියයි
අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොර පරිසරක් බිහි කිරීමට කැප වන බව නව පොලිස්පති කියයි
කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා පැමිණීමට හැකි වීම ගැන සතුටු වන බවත්, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන බියකින් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
ඒ, පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස ඔහු අද (අගෝස්තු 14) පොලිස් මූලස්ථානයේදී වැඩ භාර ගත්තේ, පොලිස් මූලස්ථානයේදී සිදු විය.