මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් අතු ගා දැමුණු හිටපු මන්ත්‍රීවරුන් කවු ද?

2024 මහ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් වූයේ, පරම්පරාවෙන් ම දේශපාලනයේ නිරත වූ, දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් විශ්‍රාම ගැන්වූ මැතිවරණයක් වූ නිසා ය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කලින් ම තීරණය කළහ.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීරණය කළ ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුවේ මුල් ම අපේක්ෂකයා ලෙස ඇතුළත්ව සිටියේය.
මීට අමතරව පසුගිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකළ අතර ඔහු ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත්ව සිටියේය.
හිටපු ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකරන බව ප්‍රකාශ කළේය.
ඊට අමතරව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ අලී සබ්රි ද මෙවර මහ මැතිවරණය සඳහා තරග කළේ නැත.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, තමන් ද මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බවයි.
තරග නොකළ හිටපු මන්ත්‍රීවරුන් කවු ද?
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළේය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , විමල් විරවංශ, පාඨලී චම්පික රණවක, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් සෙනවිරත්න, මාවෙයි සේනාධිරාජා, සි.වී. විග්නේෂ්වරන්, ෂාන් විජයලාල් ද සිල්වා, විමලවීර දිසානායක, එස් බී දිසානායක , කනක හේරත් , වාසුදේව නානායක්කාර සහ ජනක බණ්ඩාර තෙන්නකෝන්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත් ගීතා කුමාරසිංහ, ප්‍රදීප් උදුගොඩ, ඩීබී හේරත්, ගුණතිලක රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්ප කුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයා ශාන් නවනන්දන, ලෝහන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු යන හිටපු මන්ත්‍රීවරු ඒ අතර වූහ.
නාමල් රාජපක්ෂ,රංජිත් මද්දුමබණ්ඩාර, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ගාමිණි ලොකුගේ, ටිරාන් අලස්, ජයන්ත වීරසිංහ, සුරේන් රාගවන්, තලතා අතුකෝරල, සී.බි. රත්නායක, ජයන්ත කැටගොඩ, ඩලස් අලහප්පෙරුම, ඉම්තියාස් බාකීර් මාකාර්, ජී.එල්.පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර මහ මැතිවරණයට තරග නොකළ අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය යන පක්ෂ වලින් ජාතික ලැයිස්තුවට නම් ඇතුලත් කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිස අතරට ඇතුළත් වෙති.
මැතිවරණයට තරග කර පරාජය වූ මන්ත්‍රීවරුන් කවුද?
රමේෂ් පතිරණ
මනූෂ නානයක්කාර
ඉසුරු දොඩංගොඩ
මහින්ද අමරවීර
අජිත් රාජපක්ෂ
කංචන විජේසේකර
නිපුණ රණවක
ශෂේන්ද්‍ර රාජපක්ෂ
ප්‍රමිත බණ්ඩාර
රෝහණ දිසානායක
දිළුම් අමුණුගම
මහින්දානන්ද අළුත්ගමගේ
රෝෂාන් රණසිංහ
සංජීව එදිරිමාන්න
උදය ගම්මන්පිල
සුසිල් ප්‍රේමජයන්ත
විදුර වික්‍රමනායක
පියල් නිශාන්ත ද සිල්වා
රාජිත සේනාරත්න
එස්.එම්. චන්ද්‍රසේන
දුමින්ද දිසානායක
එස්.සී. මුතුකුමාරණ
රංජිත් සියඹලාපිටිය
තාරක බාලසූරිය
සාරතී දුෂ්මන්ත
ජොන්ස්ටන් ප්‍රනාන්දු
අසංක නවරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
ශාන්ත බණ්ඩාර
ප්‍රේමලාල් ජයසේකර
ජානක වක්කුඹුර
නිමල් ලන්සා
ඉන්දික අනුරුද්ධ
අරුන්දික ප්‍රනාන්දු
හරින් ප්‍රනාන්දු
ප්‍රසන්න රණවීර
පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්
නිමල් සිරිපාල ද සිල්වා
පවිත්‍රා වන්නිආරච්චි
ඩග්ලස් දේවානන්ද
අංගජන් රාමනාදන්
සෙල්වරාසා ගජේන්ද්‍රන්
ධර්මලිංගම් සිද්ධාර්ථන්
කුලසිංහම් දීලීපන්














