ඩෙල්ෆ් දූපතේ හුදෙකලා ජනතාව: මුහුදෙන් රැගෙන ගොස් ගුවනින් රැගෙන ආ ඡන්ද පෙට්ටිය

වීඩියෝ ශීර්ෂ වැකිය, මුහුදෙන් රැගෙන ගොස් ගුවනින් රැගෙන ආ ඡන්ද පෙට්ටිය
ඩෙල්ෆ් දූපතේ හුදෙකලා ජනතාව: මුහුදෙන් රැගෙන ගොස් ගුවනින් රැගෙන ආ ඡන්ද පෙට්ටිය

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන්ට ඡන්ද භාවිත කිරීම සඳහා මුහුදෙන් රැගෙන ආ ඡන්ද පෙට්ටි අද (සැප්තැම්බර් 21) ගුවනින් යාපනයට රැගෙන එන ලදී.

දැනට ඩෙල්ෆ් දූපතේ පුද්ගලයින් 5,000ක් පමණ වාසය කරති. ප්‍රවාහන සහ අනෙකුත් දුෂ්කරතා හේතුවෙන් පදිංචිකරුවන් බොහෝ දෙනෙකු දූපත හැර ගිය බව ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.

මේ දූපතට ඇත්තේ මාර්ග අංකයක් නොමැති එක් බස් රථයකි. ඉන්ධන පිරවුම්හලක් නැත. ප්‍රවාහන දුෂ්කරතා නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.

පාසල් සහ රෝහලක් තිබුණ ද ඒවා ප්‍රමාණවත් නොවන බව අප ඩෙල්ෆ් දූපතේ කළ සංචාරයේදී දූපත්වාසීහු පැවසූහ.

වාර්තාකරණය : සංජය මදුෂාන්

නිෂ්පාදනය සහ සංස්කරණය : ෂර්ලි උපුල් කුමාර