යෝෂිත රාජපක්ෂට සහ මිත්තණිය ඩේසි ෆොරස්ට් ට අධිචෝදනා භාර දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Screenshot
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ අද (අප්‍රේල් 4 වැනිදා) නියම කළේය.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාර දෙනු ලැබිණි.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණි.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වැනිදා පැවැත්වීමට අධිකරණය නියම කළේය.
2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර තිබේ.










