රාජ්‍ය සේවය: 'ජනතාවගේ වැඩ ඉවරවෙලා ඔවුන්ට නිදහස් වෙලාවක මගෙන් සේවය ලබා ගන්න පුළුවන්'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''එදා දවසේ අවශ්‍යතාවයක් තියෙන ඕන කෙනෙකුට මේකෙන් නොමිලේ තියෙන දෙයක් අරගෙන යන්න පුළුවන්.''
රාජ්‍ය සේවය: 'ජනතාවගේ වැඩ ඉවරවෙලා ඔවුන්ට නිදහස් වෙලාවක මගෙන් සේවය ලබා ගන්න පුළුවන්'

රාජ්‍ය නිලධාරිගෙන් සේවය ලබා ගැනීමට ගිය අවස්ථාවන්හි දී බොහෝ දෙනා අපහසුතාවයන්ට ලක්වන අවස්ථා ගැන කොතෙකුත් අපි අසා ඇත්තෙමු.

නමුත් ඉතා කාර්යක්ෂමව සහ මිත්‍රශීලීව ජනතාවට සේවය සලසන රාජ්‍ය සේවකයෝ ද සිටිති.

ගාල්ල, කරන්දෙනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් 41/E බෙලිගස්වේල්ල ග්‍රාම නිලධාරී කාර්යාලය එවැනි මිත්‍රශීලි සේවාස්ථානයක් බව අපට දැනගන්නට ලැබිණි. එබැවින් ඒ පිළිබඳව සොයා බලන්නට අපි එහි ගියෙමු.

''මේක බොහොම විශේෂ කාර්යාලයක්. මේකේ වියළි ආහාර බැංකුවක්, පොත් බැංකුවක්, ඖෂධ බැංකුවක් වගේම එළවළු සහ පළතුරු බැංකුවක් තියෙනවා. දුප්පත් අයටම කියලා නෙමෙයි, එදා දවසේ අවශ්‍යතාවයක් තියෙන ඕන කෙනෙකුට මේකෙන් නොමිලේ තියෙන දෙයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම දවස් හතේම ජනතාවට පහසු ඕනෑම වෙලාවක මගෙන් සේවය ලබා ගන්න පුළුවන්.'' යැයි ග්‍රාම නිලධාරී චන්දික දිනේෂ් BBC සිංහල සේවයට පැවසුවේය.