සූර්යයාගේ මෙතෙක් ළඟා වූ සමීපතම ස්ථානයට ගොස් නාසා අභ්‍යාවකාශ යානය ඉතිහාස ගතවේ

ඡායාරූප මූලාශ්‍රය, NASA
- Author, රෙබෙකා මොරෙල්
- Role, විද්‍යා සංස්කාරක
- Author, ඇලිසන් ෆ්‍රැන්සිස්
- Role, ජ්‍යෙෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී
නාසා අභ්‍යවකාශ යානයක් සූර්යයාට මෙතෙක් ළඟාවූ සමීපතම ස්ථානය වෙත ගොස් ඉතිහාසගත වී තිබේ.
විද්‍යාඥයින්ට පාකර් සූර්ය ගවේෂණ යානයෙන් සංඥාවක් ලැබී ඇත්තේ අද දිනයේය. දැඩි උණුසුම මැද පියාසර කිරීමේදී දින කිහිපයක් යානය සන්නිවේදනයෙන් තොරව තිබිණි.
නාසා ආයතනය පැවසුවේ සූර්යා මතුපිට සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1 ක්) සමීපයෙන් පියාසර කිරීමෙන් පසුවද යානය "ආරක්ෂිත" සහ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
සූර්යයා ක්‍රියා කරන ආකාරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ ගවේෂණයක දී, අධික උෂ්ණත්වය සහ අධික විකිරණ විඳදරා ගනිමින්, ගවේෂණ යානය නත්තල් සැන්දෑවේ සූර්යාගේ පිටත වායුගෝලයට ඇතුළු විය.
අනතුරුව යානයෙන් බලාපොරොත්තු වූ සංඥාව ලැබෙනතුරු නාසා ආයතනය බලාපොරොත්තු සහගතව බලා සිටියේය.
නාසා වෙබ් අඩවියට අනුව පැයට සැතපුම් 430,000 (පැයට කිලෝමීටර 692,000) දක්වා වේගයෙන් පියාසාර කරන අභ්‍යවකාශ යානය 1,800F (980C) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දුන්නේය.
නාසා ආයතනයේ විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය නිකොලා ෆොක්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, "ශත වර්ෂ ගණනාවක් තිස්සේ මිනිසුන් සූර්යයා පිළිබඳව අධ්‍යයනය කර ඇති නමුත්, ඔබ සැබෑ ලෙස ම එතනට යන තෙක් එහි වායුගෝලය ඔබට අත්විඳිය නොහැකියි"
"එබැවින් අප එය හරහා පියාසර නොකළහොත් අපගේ තාරකාවේ වායුගෝලය සැබවින් ම අත්විඳින්න බැහැ."

ඡායාරූප මූලාශ්‍රය, NASA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයට වෙත පියාසර කරන පාකර් සූර්ය ගවේෂණ යානය 2018 දී දියත් කරන ලදී.
යානය දැනටමත් සූර්යයා පසුකර 21 වතාවක් ගමන් කර ඇති අතර, එය තව තවත් ළං වෙමින් පවතී, නමුත් නත්තල් සැන්දෑවේ සංචාරය වාර්තාගත වනු ඇත.
එහි ආසන්නතම ප්‍රවේශයේදී, ගවේෂණ යානය අපගේ සූර්යයා මතුපිට සිට සැතපුම් මිලියන 3.8 (කිලෝමීටර මිලියන 6.2) දුරින් ගමන් ගනු ඇත.
මෙය එතරම් සමීප බවක් නොපෙන, නමුත් නාසා හි නිකොලා ෆොක්ස් පවසන්නේ මෙසේ ය: "අපි සිටින්නේ සූර්යයාගේ සිට සැතපුම් මිලියන 93 ක් දුරින්, එබැවින් මම සූර්යයා සහ පෘථිවිය මීටරයක් දුරින් තැබුවහොත්, පාකර් සූර්ය ගවේෂණ යානය තියෙන්නේ සූර්යයාගේ සිට සෙන්ටිමීටර හතරක් දුරින් - ඒ නිසා එය සමීපයි."
ගවේෂණ යානයට සෙල්සියස් අංශක 1,400 ක උෂ්ණත්වය සහ අභ්‍යන්තර ඉලෙක්ට්‍රොනික උපකරණ අවුල් කළ හැකි විකිරණ විඳ දරාගැනීමට සිදුවනු ඇත.
එය සෙන්ටිමීටර 11.5 (අඟල් 4.5) ඝන කාබන් සංයුක්ත පලිහකින් ආරක්ෂා කර ඇති නමුත් අභ්‍යවකාශ යානයේ උපක්‍රමය වන්නේ වේගයෙන් ඇතුළුවීම සහ පිටතට යාමයි.
සැබෑ ලෙසම , මෙම යානය මිනිසා විසින් සාදන ලද ඕනෑම වස්තුවකට වඩා වේගයෙන් ගමන් කරනු ඇත, එනම් පැයට සැතපුම් 430,000 ක වේගයෙන් යානය ගමන් කරනු ඇත - එය තත්පර 30 කට අඩු කාලයකදී ලන්ඩනයේ සිට නිව්යෝර්ක් දක්වා පියාසර කිරීමට සමාන වේ.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
සූර්යයා "ස්පර්ශ කිරීමට" මේ සියලු උත්සාහයන් ගන්නේ ඇයි?
අභ්‍යවකාශ යානය කොරෝනා හෙවත් අප සූර්යයාගේ පිටත වායුගෝලය හරහා ගමන් කරන විට එය දිගුකාලීන අභිරහසක් විසඳනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ.
Fifth Star Labs හි තාරකා විද්‍යාඥ ආචාර්ය ජෙනිෆර් මිලාර්ඩ් පැහැදිලි කරන්නේ, "කොරෝනා (සූර්යයාගේ පිටත වායුගෝලය) ඇත්තෙන්ම උණුසුම්, ඒ ඇයි ද කියන්න අපට අදහසක් නැහැ."
"සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6,000ක් පමණ වනවා, නමුත් සූර්යග්‍රහණ වලදී ඔබට දැකිය හැකි මෙම සිහින් බාහිර වායුගෝලයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනක් කරා ළඟා වනවා. - එක සූර්යයාට වඩා දුරින් පිහිටාලා තියෙන්නේ. ඉතින් ඒ වායුගෝලය උණුසුම් වෙන්නේ කොහොම ද ? "
මෙම මෙහෙයුම මගින් විද්‍යාඥයින්ට කොරෝනාවෙන් පිටවන ආරෝපිත අංශුවල නිරන්තර ප්‍රවාහය ඇතුළත්,
සූර්ය සුළඟ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර වනු ඇත.
මෙම අංශු පෘථිවි චුම්බක ක්ෂේත්‍රය සමඟ අන්තර්ක්‍රියා කරන විට අහස විස්මිත අවුරෝරා වලින් ආලෝකමත් වේ.
නමුත් මෙම ඊනියා අභ්‍යවකාශ කාලගුණය මගින් විදුලිබල ජාල, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන පද්ධති බිඳවැටීමේ ගැටළු ද ඇති කළ හැකිය.
"සූර්යයා, එහි ක්‍රියාකාරකම්, අභ්‍යවකාශ කාලගුණය, සූර්ය සුළඟ පිළිබඳ අවබෝධ කර ගැනීම පෘථිවියේ අපගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත්" යැයි ආචාර්ය මිලාර්ඩ් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, NASA
අභ්‍යවකාශ යානය පෘථිවියට සම්බන්ධ නොවන නත්තල් කාලසීමාව තුළ නාසා විද්‍යාඥයන්ට කනස්සල්ලෙන් බලා සිටීමට සිදුවන ඇත.
නිකොලා ෆොක්ස් පවසන්නේ පෘථිවියට යළි සංඥාවක් නිකුත් වූ විගස, ග්‍රීන් හාර්ට් එකක් සහිත කෙටි පණිවිඩයක් එවමින් තම කණ්ඩායම පරීක්ෂණය OK යැයි, ඇයට දන්වනු ඇති බවය.
නිර්භීත උත්සාහය ගැන ඇය කලබලට පත්ව ඇති නමුත් පරීක්ෂණය කෙරෙහි ඇයට විශ්වාසයක් ඇත.
"මම අභ්‍යවකාශ යානය ගැන කනස්සල්ලට පත්ව ඉන්නේ. නමුත් අපි ඇත්තටම ඒක නිර්මාණය කළේ මේ දරුණු තත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට. ඒක ඉතාම දැඩි, කුඩා අභ්‍යවකාශ යානයක්."














