රනිල් වික්‍රමසිංහ: 2048 රට සංවර්ධිත රටක් කිරීමේ ජනපතිගේ අරගල සැලැස්ම කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, රනිල් වික්‍රමසිංහ: 2048 රට සංවර්ධිත රටක් කිරීමේ ජනපතිගේ අරගල සැලැස්ම කුමක්ද?

2048 වනවිට රට සංවර්ධිත රටක් කිරීම තම අරගලය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා කියා සිටියේ 2048 වන විට, රට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම රජයේ අරමුණ බවය.

අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් නිසා රට මේ වන විට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවය.