ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය ; 'යුක්තිය දිනාගන්න ජාත්‍යන්තරයට යෑම හැර වෙන යන්න තැනක් නෑ.''
මේ ආණ්ඩුවෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පවතින දේශපාලන රාමුව තුළ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි කිසිඳු විශ්වාසයක් නොමැති නිසා යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සිරිල් ගාමිණී පියතුමන් බීබීසීයට පැවසුවේය.
යුක්තිය දිනා ගැනීම කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවන බවත් එය රටේ අනාගතයට, අනාගත දේශපාලන සංස්කෘතියට මෙන්ම ජාතියේ ආරක්ෂාවට බලපාන කාරණයක් බැවින් එම වගකීම කතෝලික සභාව ඉටු කරන බව පියතුමා තවදුරටත් අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු ගැන කතෝලික සභාවේ මතය ගැන බීබීසීය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීමේ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සමග කළ සංවාදයකදී පියතුමා මෙම අදහස් පළ කළේය.