ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත: "මාත්‍රා මිලියන තුනක් මිලදී ගන්නවා" - එය ඔබට ලබාගත හැක්කේ කෙසේද?

ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග

කෝවිඩ්-19 රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි.

ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් බ‍්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකාවට ලඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

කෝවිඩ්-19 රෝගය මැඩලීම පිණිස මෙතෙක් ශ්‍රී ලංකාව අනුගමනය කළේ විවිධ දේශීය වෛද්‍ය වරුන් යයි පැවසූ පුද්ගලයන් නිපද වූ "පැණි" වර්ග භාවිතය හා නොයෙකුත් විශ්වාසයන් උඩ පදනම්ව ආශීර්වාද කරන ලද වතුර මුට්ටි ගංගා වලට එකතු කිරීම් වැනි කටයුතුය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සායනිකව තහවුරු කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ.

ලලිත් වීරතුංග පැවසුවේ, මෙම එන්නත ඉදිරි දින දෙක තුළ ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මිලදී ගැනීම පිණිස ඇණවුම් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සිදුකරන්නේ රජය මගින් පමණක් බවය.

කොවිඩ් වෛරසය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔහු තවදුරටත් පැවසුවේ එන්නත් ක්‍රියාවලිය මුළුමනින්ම රජය මගින් දියත් කිරීමට කටයුතු කර ඇති අතර, එය ජන්ද හිමි නාම ලේඛනයට අනුව පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

"පළමුවෙන්ම මෙය සෞඛ්‍ය සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව හමුදාවේ හා ආරක්ෂක සෞඛ්‍ය අංශයන්ට පිහිට වන ඉදිරි පෙළ සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව වයස අවුරුදු 60 ට වැඩි පිරිස්, ඔවුන්ගෙනුත් බෝ නොවන රෝග එනම් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇති අයට ප්‍රමුඛත්වය ලබාදෙනවා," යනුවෙන් ලලිත් වීරතුංග පැවසීය.

"අපි ඡන්ද හිමි නාමලේඛනය අනුව ග්‍රාම නිලධාරිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවනවා, අපිට දැනට සමහර අය කියා තියෙනවා ඒ අයගේ නම් ජන්දහිමි නාම ලේඛනයේ නැති බව අපි බලපොරොත්තු වෙනවා සියලුම පත්තරවල නිවේදනයක් දාලා ජනතාව දැනුවත් කරන්න."

Vials with a sticker reading, "COVID-19 / Coronavirus vaccine / Injection only" and a medical syringe in front of a displayed AstraZeneca logo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ශ්‍රී ලංකාවට චීන එන්නත් ලක්ෂ තුනක් ද ළඟදීම ලැබෙනු ඇතැයි පැවසූ ඔහු, චීන හා රුසියානු එන්නත් දේශීයව භාවිතයට අනුමත කිරීමේ ක්‍රියාවලිය මේ වන වීරත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා නිෂ්පාදකයින්ගෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හත් දෙනෙකුට මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට ද වෛරසය ආසාදනය වී තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමේ සිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර මේ දක්වා රෝගීන් 59922 ක් වාර්තා වී ඇති අතර මරණ 288 ක් ජනවාරි 26 වනදා වවිට වාර්තා වී තිබිණ.

කියවන්න: