ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන් වෙනුවෙන් කාන්තාවෝ
කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා වැඩසටහන් නිෂ්පාදනය කරන අලුතින් ආරම්භ වූ රූපවාහිනී නාලිකාවක් පිළිබඳ ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.
'සාන් ටීවී' හෙවත් කාන්තා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ වැඩිදෙනා තරුණියන්.
ඔවුන් අතරින් ද වැඩි දෙනෙක් තවමත් අධ්‍යාපනයේ නිරත සිසුවියෝ වෙති.
ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නාලිකා පුරුෂාධිපත්‍යයට යටත් තත්වයක් පවතින අතර 'සාන්' රූපවාහිනිය එරට මාධ්‍යයට අලුත් අත්දැකීමකි.
මීට වසර දහසයකට පෙර ඇෆ්ගනිස්තානයේ දැරියන්ට පාසල් යාම ද තහනම් විය.