ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරයෙකුගේ සමු ගැනීමක්
හිටපු ජනාධිපතිවරයකුගේ සමුගැනීම සහ නව ජනාධිපතිවරයකුගේ සම්ප්‍රාප්තිය අද (මැයි 14) සිදු වූ ආකාරය ලොවපුරා ජනතාව මාධ්‍ය ඔස්සේ නරඹමින් සිටිති.
පදවියෙන් සමුගන්නා ජනාධිපතිවරයා වසර පහක් ප්‍රංශයේ ජනාධිපති පදවියේ කටයුතු කළ ප්‍රාන්ශුවා ඔලෝන්ද්.
පදවියට සම්ප්‍රාප්ත වන්නා නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්.
හිටපු ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති නිල නිවස වන 'ඒලීසේ' මාලිගයේ පියගැට පෙළ බැස තමා වසර පහක් වාසය කළ නිවසින් එළියට පැමිණියේ එහි අනාගත වාසය හිමි නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟයි.
පස් වසරක් රට පාලනය කළ හිටපු ජනපති ප්‍රාන්ශුවා ඔලෝන්ද්, සිය අනුප්‍රාප්තිකයාට ප්‍රංශයේ න්‍යෂ්ටික රහස් සංකේතය ද ඇතුළු සියලු රාජකාරි භාර දී නිල නිවසින් එළියට පැමිණ කුඩා මෝටර් රථයක නැගී පිටව යන ආකාරය දෙස නව ජනාධිපතිවරයා මොහොතක් බලා සිටින අකාරය මෙම වීඩියෝ පටයේ දැක්වෙයි.