ඇමරිකාවෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

ඇමරිකාව තම දිගු කාලීන මිතුරෙකු වන දකුණු කොරියාව වෙනුවෙන් පෙනීසිවීමට සහතික වන බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි.

උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජන වැළැක්වීම පිණිස දකුණු කොරියාව තුළ මිසයිල නාශක පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඇමරිකාව සමග පවතින සම්මුතිය පවත්වාගෙන යන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

නව තනතුරට පත්වීමෙන් පසු ප්‍රථම විදේශ සංචාරයේ යෙදී සිටින ආරක්ෂක ලේකම්වරයා, උතුරු කොරියානු පියොන් යැන් පාලනයට දැඩි අනතුරු ඇඟවීමක් එල්ල කළේ න්‍යෂ්ඨික අවි භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම් ඒ පිලිබඳ දැඩි ප්‍රතිචාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව පවසමිනි.

දකුණු කොරියාව සහ ජපානය ඔවුන්ගේ රටවල ආරක්ෂාව වෙනුවෙන් වැඩි දායකත්වයක් නොදරන්නේ නම් ඇමරිකානු හමුදා ඉවත්කරගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනතුරු අඟවා තිබුණි.