ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීරවංශ රක්ෂිත බන්ධනාගාරයට
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා බාහිර කාර්යයන්වල යෙදවීමෙන් රජයට රුපියල් මිලියන හතළිස් එකකට ආසන්න මුදලක පාඩුවක් සිදු කළ බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (ජන.10) කැඳවා තිබිණි.
අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.