2016 පිළිගන්නා නවසීලන්තය

දෙදහස් දාසය වසරේ පළමු අරුණැල්ල පිළිගන්නා රටවල් කීපය අතුරින් එකක් නවසීලන්තය.

නව වසර උදාවත්ම ඕක්ලන්ඩ් අගනුවර පැවති විචිත්‍රවත් මල් වෙඩි සංදර්ශනය දැක ගැනීම සඳහා විශාල පිරිසක් එක් වී සිටියහ.

2016 වසරේ ආරම්භය සනිටුහන් කරමින් උත්සව පැවැත්වෙන යුරෝපයේ ප්‍රධාන නගර තුළ ආරක්ෂාව තර කොට තිබේ.

බෙල්ජියමයේ බ්‍රසල්ස් අගනුවර පැවැත්වීමට සැලසුම් කොට තිබූ මල් වෙඩි සංදර්ශනයක් සහ උත්සව අවලංගු කරනු ලැබ ඇත්තේ ආරක්‍ෂිත පියවරක් වශයෙන්.

පැරිසිය, ලන්ඩනය, බර්ලින් සහ මොස්කව් යන ප්‍රධාන නගර තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර ක්‍රියාමාර්ග ගෙන තිබේ.