විස්කම් ගමනක් බයිසිකලෙන්

ත්‍රාසජනක පාපැදි ධාවකයෙක් මීටර 60ක් (අඩි197) උසින් පිහිටි වේල්ලක් ඔස්සේ පහළට සිය පාපැදිය ධාවනය කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී ස්ලෝවේනියාවේදී මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදුණු ප්‍රිමොස් රව්නික් ඒ සඳහා විශේෂයෙන් පුහුණු විය.

දෙවන විය සපිරෙනවාත් සමග පාපැදි ධාවනයට හුරු පුරුදු වූ ප්‍රිමොස් පාපැදි සවාරි සහ ත්‍රාසජනක පාපැදි ධාවනයේ යෙදෙයි.