ගිනස් පොතේ දෙවරක් නම තැබූ බලු සුරතලිය
කුඩා ප්‍රමාණයේ පාපන්දු රකිමින් තමා විසින් තබා තිබූ ගිනස් වාර්තාවක් බිඳ දැමීමට ජපාන බලු සුරතලියක් සමත් වී සිටියි.
නව වියැති පියුරින් බීගල් වර්ගයට අයත් සුනඛයෙක්.
ගිනස් වාර්තා පොතේ හැට වන කලාපයට අලුතින් එක් වන නම් අතරට පියුරින්ගේ නමත් එක් වීමට නියමිතයි.
ඇය මිනිත්තුවක් තුළ පාපන්දු දාහතරක් රැකීමට සමත් වී තිබේ.
මීට පෙර ඇය විසින් මිනිත්තුවක් තුළ රැක තිබූ පන්දු ගණන නවයක්.