'ස්මාර්ට් ෆෝන්' පාවිච්චිය බලාගෙනයි

ඡායාරූප මූලාශ්‍රය, AP
ජංගම දුරකතනවලට ආසියානුවන් සීග්‍රයෙන් ඇබ්බැහිවෙමින් පවතින බව නවතම සමීක්ෂණවලින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ සිසුන්ගෙන් සියයට හැත්තෑ දෙකක් ‘ස්මාර්ට්’ ජංගම දුරකථන භාවිතා කරන බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
වයස අවුරුදු 11 ත් 12 ත් අතර දකුණු කොරියානු සිසුන් දිනකට පැය පහකට වැඩි කාලයක් ජංගම දුරකථන සමඟ කාලය ගත කරන බව සොයා ගෙන තිබේ.
ඉන් සියයට විසි පහක් පමණ දෙනා ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
දකුණු කොරියාවේ ඇතැම් සිසුන් ජංගම දුරකතනයට ඇබ්බැහි වීම නිසා මානසික වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AP
ආසියාව පුරා ‘ස්මාර්ට් ෆෝන්’ පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන දෙකහමාරකි.
ආසියානුවන් මීට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යන්න මෑතකදී පළවූ වාර්තා කිහිපයකින් මොනවට පැහැදිලි වෙයි.
ජංගම දුරකථනය ඔස්සේ ෆේස්බුක් බලමින් යද්දී කුඩා පාලමකින් පහලට වැටුණු තායිවාන් සංචාරකයෙකු ගැනත් ජංගම දුරකථනයේ තිරය දෙස බලමින් පාරේ ගමන් කරද්දී කානුවකට වැටුණු චීන තරුණියක් ගැනත් මෑතකදී පුවත් පළ විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මිලියන හයක් වැනි කුඩා ජන ගහනයක් සිටින සිංගප්පුරුවේ ද මෙය බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන්නන් ඉතා පහසුවෙන් මීට ගොදුරු වන බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.








