දිනක ෆේස්බුක් පිවිසුම කෝටි සියය ඉක්මවයි

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්

එක් දිනක් තුල කෝටි සීයයකට අධික පිරිසක් ෆේස්බුක් භාවිතා කර ඇති බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

දිනක් තුළ ෆේස් බුක් පිවිසුමෙහි මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සංඛ්‍යාව මෙයයි.

අගෝස්තු 24 වෙනි දින වන විට ලෝකයේ සෑම පුද්ගලයන් හත් දෙනකුගෙන් එක් අයෙක් ෆේස් බුක් භාවිතා කරමින් සිය මිතුරන් සහ ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීම සිදු කරන බව මාර්ක් සකර්බර්ග් විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

මාසයක් තුළ ෆේස්බුක් අඩවියට පිවිසෙන ග්‍රාහකයන් ප්‍රමාණය කෝටි එකසිය පනහකට වැඩි බව මින් පෙර වාර්තා කර තිබුනත් එක දිනකදී වාර්තා වූ ඉහලම පිවිසෙන්නන් ප්‍රමාණය මෙය බවයි පැවසෙන්නේ.

පළමු වරට ෆේස්බුක් භාවිතා කරන්නන් කෝටි සියය ඉක්මවනු ලැබුවේ 2012 වසරේදීයි.

2004 වසරේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් නිර්මාණය කරනු ලැබීය.