විවාහ තහනම - පූජක ළමා අපචාරවලට හේතුවද?

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

පූජකවරුන්ට විවාහ වීමට අවස්ථාව නොලැබීම ළමා අපචාරවලට ඔවුන් යොමු වීමට හේතු විය හැකි බව ඕස්ට්‍රේලියාවේ කතෝලික සභාව පත් කළ කමිටුවක් නිගමනය කරයි.

එහෙත් එවැනි සම්බන්ධයක් මේ සිද්ධීන් දෙක අතර නොමැති බවයි ඕස්ට්‍රේලියාවේ කතෝලික සභාව මීට කලින් ප්‍රකාශ කළේ.

එසේවුවත්, ඕස්ට්‍රේලියාවේ කතෝලික සභාව පත් කළ කමිටුව විසින් පූජකවරුන් අවිවාහකව සිටීම අත් හල යුතු බවට නිර්දේශ කොට නොමැත.

පාරම්පරික සම්ප්‍රදායන්

එය සිය වාර්තාවෙන් කියා සිටින්නේ කතෝලික සභාවේ ඉතාමත්ම පාරම්පරික සම්ප්‍රදායන් පවා සාකච්ඡාවට ලක් කළ යුතු බවයි.

තමන්ගේ ලිංගිකත්වය පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස පූජකවරුන් පවත්නා පුහුණු වැඩසටහන්වලට සහභාගි විය යුතු බවටත් කමිටුව විසින් නිර්දේශ කොට ඇත.

පූජකවරුන් අතින් අපයෝජනයට ලක්වූවන්ගේ කණ්ඩායම ප්‍රකාශ කළේ, කමිටුව පුළුල් විමර්ශනයක් කොට නැති බවයි.