බෝපාල් අනතුරින් පීඩා විඳින දරුවෝ

1984 දෙසැම්බර් මස තුන් වැනිදා ඉන්දියාවේ බෝපාල් නගරයේ ‘යුනියන් කාර්බයිඩ්’ කර්මාන්ත ශාලාවේ සිදු වූ පිපිරීමෙන් ඇතිවූ ව්‍යසනයට වසර තිහක් සපිරෙයි. බෝපාල් විෂ වායු කාන්දු වීමෙන් පසු අදත් උපදින දරුවන් ආබාධිතව පීඩා විඳිති.

පහළොස් වියැති අසීම් අන්සාරි මුහුණේ අස්ථි ව්‍යාකුල තත්වයක් සහිතව උපන් දරුවෙකි. ඊට අමතරව ඔහු නිධන්ගත රෝග තත්වයකින් පෙළන අතර නිරන්තරයෙන් නාසයෙන් ලේ ගැලීමට මුහුණ දෙයි. රෝගී තත්වය හේතුවෙන් පාසල් යාම නවතා ඇති අසීම් සිය පවුලට උපකාර පිණිස ලී කම්හලක සේවය කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පහළොස් වියැති අසීම් අන්සාරි මුහුණේ අස්ථි ව්‍යාකුල තත්වයක් සහිතව උපන් දරුවෙකි. ඊට අමතරව ඔහු නිධන්ගත රෝග තත්වයකින් පෙළන අතර නිරන්තරයෙන් නාසයෙන් ලේ ගැලීමට මුහුණ දෙයි. රෝගී තත්වය හේතුවෙන් පාසල් යාම නවතා ඇති අසීම් සිය පවුලට උපකාර පිණිස ලී කම්හලක සේවය කරයි.
ස්වාති මිශ්‍රා දාහත් වන වියේ පසු වන තරුණියකි. ඇය අංශභාග රෝගයෙන් පීඩා විඳින අතර ඇයගේ පියා ‘යුනියන් කාර්බයිඩ්’ කර්මාන්ත ශාලා අනතුරට ලක් වී ඇත්තේ තරුණ වියේදීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වාති මිශ්‍රා දාහත් වන වියේ පසු වන තරුණියකි. ඇය අංශභාග රෝගයෙන් පීඩා විඳින අතර ඇයගේ පියා ‘යුනියන් කාර්බයිඩ්’ කර්මාන්ත ශාලා අනතුරට ලක් වී ඇත්තේ තරුණ වියේදීය.
විසි එක් හැවිරිදි ශිරාස් රයින් උපතේදීම මොළයේ දරුණු හානි සහිත දරුවකු වූ අතර වෙනත් අයගේ උපකාරයකින් තොරව ජීවත් විය නොහැකි තත්වයකයි ඔහු පසු වන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, විසි එක් හැවිරිදි ශිරාස් රයින් උපතේදීම මොළයේ දරුණු හානි සහිත දරුවකු වූ අතර වෙනත් අයගේ උපකාරයකින් තොරව ජීවත් විය නොහැකි තත්වයකයි ඔහු පසු වන්නේ.
ෆයිසාන් ෂයික්ගේ දෙමව්පියන් විෂ වායු අනතුරට ලක් වූ අතර ඒ හේතුවෙන් ෆයිසාන්ගේ දකුණු ඇසේ පෙනීම අහිමිව උපන්නේය. ඔහුට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ව්‍යාකූලතා ඇති බැවින් කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීමට නොහැකි තත්වයක පසු වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆයිසාන් ෂයික්ගේ දෙමව්පියන් විෂ වායු අනතුරට ලක් වූ අතර ඒ හේතුවෙන් ෆයිසාන්ගේ දකුණු ඇසේ පෙනීම අහිමිව උපන්නේය. ඔහුට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ව්‍යාකූලතා ඇති බැවින් කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීමට නොහැකි තත්වයක පසු වෙයි.
ශයිමා ශාහික් පාදයේ ආබාධයක් සහිතව ඉපදුණු අතර මේ වන විට පහළොස් වියේ පසු වෙයි. ඇය නිරන්තර හිසේ වේදනා සහ සිහි විසංඥ වීම් වලින් පීඩා විඳියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශයිමා ශාහික් පාදයේ ආබාධයක් සහිතව ඉපදුණු අතර මේ වන විට පහළොස් වියේ පසු වෙයි. ඇය නිරන්තර හිසේ වේදනා සහ සිහි විසංඥ වීම් වලින් පීඩා විඳියි.
මේ වන විට විසි නම හැවිරිදි වියේ පසු වන ආසිෆ් ශායික්ගේ මව දරුවා කුස දරා සිටින කාලයේ දී විෂ වායු කාන්දු වීමේ අනතුරට ලක් විය. ඔහු හුස්ම ගැනීමේ සහ ඇස් පෙනීමේ දුර්වලතාවකට ගොදුරු වී සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වන විට විසි නම හැවිරිදි වියේ පසු වන ආසිෆ් ශායික්ගේ මව දරුවා කුස දරා සිටින කාලයේ දී විෂ වායු කාන්දු වීමේ අනතුරට ලක් විය. ඔහු හුස්ම ගැනීමේ සහ ඇස් පෙනීමේ දුර්වලතාවකට ගොදුරු වී සිටියි.
ගෑස් මොහොමඩ් නමින් මෙම පුද්ගලයා අමතනු ලබන්නේ ඔහු බෝපාල් අනතුරින් පැය කිහිපයකට පසු උපන් බැවිනි. ඉතා දුර්වල සෞඛ්‍යය තත්වයකින් පසු වන ඔහුට ස්ථිර රැකියාවක් කළ නොහැක.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගෑස් මොහොමඩ් නමින් මෙම පුද්ගලයා අමතනු ලබන්නේ ඔහු බෝපාල් අනතුරින් පැය කිහිපයකට පසු උපන් බැවිනි. ඉතා දුර්වල සෞඛ්‍යය තත්වයකින් පසු වන ඔහුට ස්ථිර රැකියාවක් කළ නොහැක.