පැහැරගත් ශිෂ්‍යාවන් කැරලිකරුවන් භාරයේ

මීට දින කිහිපයකට ඉහතදී නයිජීරියාවේ බෝනෝ පළාතේ පාසලකට කඩා වැදුණු ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පැහැරගනු ලැබුන ශිෂ්‍යාවන් දෙසීයකට අධික පිරිස තවමත් සිටින්නේ කැරලිකරුවන් භාරයේ.

බෝකෝ හරාම් සංවිධානය විසින් මෙම පැහැර ගැනීම සිදු කරන ලද බව විශ්වාස කෙරේ
ඡායාරූප ශීර්ෂ වැකිය, බෝකෝ හරාම් සංවිධානය විසින් මෙම පැහැර ගැනීම සිදු කරන ලද බව විශ්වාස කෙරේ

මුස්ලිම් අන්තවාදී බෝකෝ හරාම් සංවිධානය විසින් මෙම පහර ගැනීම සිදු කරන ලද බවයි, විශ්වාස කෙරෙන්නේ.

ශිෂ්‍යාවන් පිරිස මුදා ගැනීම පිණිස කළ හැකි සියල්ල කරන බවයි, පැහැර ගැනීම සිදුවී දින කිහිපයක ඇවෑමෙන් නයිජීරියානු රජය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

බීබීසී වාර්තාකරුවන් රැස් කළ තොරතුරු ඇසුරෙන් අරවින්ද තිසර රතුවිතාන ඉදිරිපත් කරන විමසුමක් මේ.