ගඩාෆිගේ පුත්‍රයාට එරෙහි නඩුව ඇරඹෙයි

සිර මැදිරියේ සිට අන්තර්ජාලය හරහා උසාවියට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිර මැදිරියේ සිට අන්තර්ජාලය හරහා උසාවියට

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි ගේ පුත් සායිෆ් අල් ඉස්ලාම් ට එරෙහි නඩු විභාගය ලිබියාවේ ට්‍රිපොලි අගනුවරදී ආරම්භ විය.

වසර දෙදහස් එකොළහේ දී තම පියා බලයෙන් පහ කෙරුණු මහජන විප්ලවය සිදු වෙද්දී යුධ අපරාධ සිදු කළ බවට චෝදනා ගොනු කර සායිෆ් අල් ඉස්ලාම්ට නඩු පවරා තිබේ.

මීට අමතරව ඔහුට වංචා සහ දූෂණ චෝදනා ද ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

නඩු විභාගය සඳහා ගඩාෆිගේ පුත්‍රයා උසාවියට ගෙනැවිත් නොතිබුණ අතර ඔහු සිර මැදිරියේ සිට අන්තර්ජාලය හරහා නඩු විභාගයට සම්බන්ධ විය.

අප්‍රේල් විසි හත් වැනිදාට යළි නඩු විභාගය කැඳවීමට නියමිතයි.