නෙල්සන් මැන්ඩෙලා ගේ ජීවිතය සේයා රූ ඇසින්

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති, නෙල්සන් මැන්ඩෙලා ගේ අනූ පස් වසරක ජීවිතය සේයා රූ ඇසින්.

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය.
නැගෙනහිර කේප් පළාතේ ගම ප්‍රධානියකු ගේ පවුලක උපත ලැබූ මැන්ඩෙලා, ජොහැන්නස්බර්ග් නුවරට පලා ගිය අතර, එහිදී නීතිඥයකු බවට පත් වූ ඔහු පසුව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ වර්ණභේද විරෝධී සටනට එක් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, නැගෙනහිර කේප් පළාතේ ගම ප්‍රධානියකු ගේ පවුලක උපත ලැබූ මැන්ඩෙලා, ජොහැන්නස්බර්ග් නුවරට පලා ගිය අතර, එහිදී නීතිඥයකු බවට පත් වූ ඔහු පසුව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ වර්ණභේද විරෝධී සටනට එක් විය.
තරුණ වියේදී ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ වියේදී ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු විය.
අප්‍රිකානු ජාතික සංගමයේ කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් 1956 දී ඔහුට රාජ ද්‍රෝහී චෝදනා එල්ල වේ. එවකට සමාජ සේවිකාවක වූ විනී මැඩිකිසේලා ඔහුට හමු වන්නේ එම නඩු විභාගය අතරතුරේදී.
ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රිකානු ජාතික සංගමයේ කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් 1956 දී ඔහුට රාජ ද්‍රෝහී චෝදනා එල්ල වේ. එවකට සමාජ සේවිකාවක වූ විනී මැඩිකිසේලා ඔහුට හමු වන්නේ එම නඩු විභාගය අතරතුරේදී.
නෙල්සන් සහ විනී 1958 දී විවාහ වන නමුත් ඔවුන් දෙදෙනාම වරින් වර සිර බත් කෑ නිසා ඔවුන් දෙදෙනාට නිසි පවුල් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාවක් නොලැබිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නෙල්සන් සහ විනී 1958 දී විවාහ වන නමුත් ඔවුන් දෙදෙනාම වරින් වර සිර බත් කෑ නිසා ඔවුන් දෙදෙනාට නිසි පවුල් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාවක් නොලැබිණ.
රාජ ද්‍රෝහී චෝදනා යටතේ පැවැත්වුණු දෙවැනි නඩු විභාගයෙන් අනතුරුව 1964 දී මැන්ඩෙලාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ ද්‍රෝහී චෝදනා යටතේ පැවැත්වුණු දෙවැනි නඩු විභාගයෙන් අනතුරුව 1964 දී මැන්ඩෙලාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.
වර්ණභේදවාදයට එරෙහිව ජාතන්තර ව්‍යාපාරයක් ඇරඹිණ. ලොව පිළිගත් තාරකාවන් මෙන්ම ලොව පුරා සාමාන්‍ය ජනතාවද උද්ඝෝෂණවලට එක් වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ණභේදවාදයට එරෙහිව ජාතන්තර ව්‍යාපාරයක් ඇරඹිණ. ලොව පිළිගත් තාරකාවන් මෙන්ම ලොව පුරා සාමාන්‍ය ජනතාවද උද්ඝෝෂණවලට එක් වූහ.
නෙල්සන් මැන්ඩෙලා, ලොව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල සංකේතය බවට පත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, නෙල්සන් මැන්ඩෙලා, ලොව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරවල සංකේතය බවට පත් විය.
දශක දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි මැන්ඩෙලා, අවසානයේදී 1990 දී නිදහස් කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, දශක දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි මැන්ඩෙලා, අවසානයේදී 1990 දී නිදහස් කෙරිණ.
නිදහස ලැබීමෙන් අනතුරුව ලොව පුරා රටවල සංචාරය කළ මැන්ඩෙලා ලන්ඩනයේ දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවයි, මේ. ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා තානාපති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂකයෝ දිවා රාත්‍රී විරෝධතාවයන්හි නිරතව සිටියහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස ලැබීමෙන් අනතුරුව ලොව පුරා රටවල සංචාරය කළ මැන්ඩෙලා ලන්ඩනයේ දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවයි, මේ. ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා තානාපති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂකයෝ දිවා රාත්‍රී විරෝධතාවයන්හි නිරතව සිටියහ.
රටේ සියලු පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබා දෙමින් මැතිවරණය පැවැත්වීමට ජනාධිපති එෆ්ඩබ් ඩි ක්ලක් එකඟවීමට ප්‍රථම දෙපාර්ශවය අතර උණුසුම් සාකච්ඡා පැවැත්විණ. වර්ණභේදවාදය නිමා කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාටම 1993 දී නොබෙල් ත්‍යාගය හිමි විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, රටේ සියලු පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබා දෙමින් මැතිවරණය පැවැත්වීමට ජනාධිපති එෆ්ඩබ් ඩි ක්ලක් එකඟවීමට ප්‍රථම දෙපාර්ශවය අතර උණුසුම් සාකච්ඡා පැවැත්විණ. වර්ණභේදවාදය නිමා කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාටම 1993 දී නොබෙල් ත්‍යාගය හිමි විය.
දකුණු අප්‍රිකාවේ පළමු ප්‍රජාතත්රවාදී මැතිවරණය 1994 දී පැවැත්වුණු අතර, පළමු වතාවට සිය ඡන්දය භාවිතා කිරීම පිණිස දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයෝ දිගු පෝලිම්වලට එක් වී සිටියහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු අප්‍රිකාවේ පළමු ප්‍රජාතත්රවාදී මැතිවරණය 1994 දී පැවැත්වුණු අතර, පළමු වතාවට සිය ඡන්දය භාවිතා කිරීම පිණිස දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයෝ දිගු පෝලිම්වලට එක් වී සිටියහ.
එක් වාරයක් පමණක් ජනපති පදවිය දැරූ නෙල්සන් මැන්ඩෙලා 1999 දී පදවියෙන් ඉවත් වීමත් සමඟම තාබෝ උම්බෙකි ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තෝරා ගන්නා ලදි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක් වාරයක් පමණක් ජනපති පදවිය දැරූ නෙල්සන් මැන්ඩෙලා 1999 දී පදවියෙන් ඉවත් වීමත් සමඟම තාබෝ උම්බෙකි ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තෝරා ගන්නා ලදි.
ලොව ජනප්‍රියම රාජ්‍යතාන්ත්‍රිකයා මෙන්ම, ඔහු මෝස්‌තර ලෝකයේ තරුවක් බවටද පත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව ජනප්‍රියම රාජ්‍යතාන්ත්‍රිකයා මෙන්ම, ඔහු මෝස්‌තර ලෝකයේ තරුවක් බවටද පත් විය.
ලොව වෙනත් බොහෝ නායකයන් තුල දක්නට නැති ගුණාංග දෙකක්ද මැන්ඩෙලා තුල දක්නට ලැබුණි: මානවීය භාවය සහ තමන් ගැනම හාස්‍යයෙන් සිනහ සීමේ හැකියාවයි, ඒ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව වෙනත් බොහෝ නායකයන් තුල දක්නට නැති ගුණාංග දෙකක්ද මැන්ඩෙලා තුල දක්නට ලැබුණි: මානවීය භාවය සහ තමන් ගැනම හාස්‍යයෙන් සිනහ සීමේ හැකියාවයි, ඒ.
විනී මැන්ඩෙලා ගෙන් දික්කසාද වීමෙන් අනතුරුව, සිය අසූ වැනි උපන් දිනයේදී මැන්ඩෙලා ග්රාෂා මැෂෙල් සමඟ අතිනත ගත්තේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, විනී මැන්ඩෙලා ගෙන් දික්කසාද වීමෙන් අනතුරුව, සිය අසූ වැනි උපන් දිනයේදී මැන්ඩෙලා ග්රාෂා මැෂෙල් සමඟ අතිනත ගත්තේය.
1999 දී ජනාධිපති පදවියෙන් ඉවත් වීමෙන් අනතුරුව, නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ඉහලම පෙළේ තානාපතිවරයා බවට පත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 1999 දී ජනාධිපති පදවියෙන් ඉවත් වීමෙන් අනතුරුව, නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ඉහලම පෙළේ තානාපතිවරයා බවට පත් විය.
අසූ පස් වියට එළැඹීමත් සමඟ, 2004 දී මැන්ඩෙලා පොදු ජීවිතයෙන් සමු ගත්තේ සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ කාලය ගෙවමින්, සිය දිගු ජීවිතය පිළිබඳව 'නිදහසේ මෙනෙහි කළ යුතු' බව පවසමින්.
ඡායාරූප ශීර්ෂ වැකිය, අසූ පස් වියට එළැඹීමත් සමඟ, 2004 දී මැන්ඩෙලා පොදු ජීවිතයෙන් සමු ගත්තේ සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ කාලය ගෙවමින්, සිය දිගු ජීවිතය පිළිබඳව 'නිදහසේ මෙනෙහි කළ යුතු' බව පවසමින්.