වතිකානයෙන් ක්‍රිකට් පිලක්

Published

වතිකානය ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කර තිබේ.

ශාන්ත පීතර කණ්ඩායම නමින් හැඳින්වෙන මෙම ක්‍රිකට් පිල ක්‍රීඩා කරන සීමිත ඕවර තරග කිහිපයක් මේ වන විටත් රෝමයේ සංවිධානය කර ඇති බවයි වතිකානය පවසන්නේ.

ලබන වසරේදී එංගලන්ත කතෝලික සභාවේ පිල සමග ලෝඩ්ස් පිටියේ දී තරග වැදීමට ද මෙම වතිකානු පිල සුදානම් වෙමින් සිටී.