පිඹුරෙක් කැනඩාවේ දරුවන් දෙදෙනකු මරා දමයි

සතුන් අලෙවිපොළකින් පැන ගිය පිඹුරකු විසින් පිරිමි දරුවන් දෙදෙනකු මරා දැමීමේ සිදුවීමක් පිළිබඳව කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.
නැගෙනහිර කැනඩාවේ, නිවු බ්රුන්ස්වික් හි කැම්බල්ටන් ප්‍රදේශයේ සතුන් අලෙවිපොළ පිහිටි ගොඩනැගිල්ලේම ඉහල මහල් නිවාසයක පස් හැවිරිදි සහ හත් හැවිරිදි එම දරුවන් දෙදෙනා නිදා සිටියදීයි, පිඹුරා නිවසට ඇතුළු වී තිබෙන්නේ.
තමන් නිවසට ඇතුළු වූ අවස්ථාවේ දුටු දේ විස්තර කරන සතුන් අලෙවිපොළේ හිමිකරු, ෂෝන් ක්ලෝඩ් සැවෝයි සඳුදා උදෑසන නිවසට ඇතුළු වූ අවස්ථාවේයි, දරුවන් දෙදෙනා මියගොස් ඇති බව හෙළිවී තිබෙන්නේ.
"ඒ දරුවෝ දෙන්න නිදා ගෙන හිටියේ විසිත්ත කාමරේ. සර්පයා සිවිලිමෙන් විසිත්ත කාමරේට වැටිලා තියෙනව. මම මුලින්ම හිතුවේ දරුවෝ නිදාගෙන ඉන්නවා කියල. සිවිලිමේ ලොකු හිලක් දැක්කම තමයි වෙලා තියෙන දේ මට තේරුනේ," යනුවෙන් ඔහු පැවසීය.
ඔවුන් දෙදෙනා ගේ ගෙල සිරකොට මරා දැමූ පිඹුරා වෙනත් ස්ථානය සැඟවී සිටියදී හමු වී තිබේ.




